දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙළෙඳ දැන්වීමක මස් බුදින ගනේෂ දෙවියන්, බුදු හිමියන් සහ යේසුස් වහන්සේ [Video]
Homeප්‍රවෘත්ති

වෙළෙඳ දැන්වීමක මස් බුදින ගනේෂ දෙවියන්, බුදු හිමියන් සහ යේසුස් වහන්සේ [Video]

PropellerAds

හින්දු බැතිමතුන් වන්දනා කරන ගනේෂ දෙවියන් බැටළු මස් බුදින ආකාරය දැක්වෙන වෙළෙඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඕස්ට්‍රේලියාවට සිය විරෝධය පළ...

"බැඳුම්කර වංචාවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් ළඟදීම CIDයෙන් අත්අඩංගුවට - රනිල්ගෙනුත් කට උත්තරයක්"
‘කංජිපානි ඉම්රාන්’ ඩුබායිවලින් පිටුවහල් කෙරේ
"මිරිජ්ජවිල තෙල් පිරිපහදුව මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂයක්" - නලින් බණ්ඩාර

හින්දු බැතිමතුන් වන්දනා කරන ගනේෂ දෙවියන් බැටළු මස් බුදින ආකාරය දැක්වෙන වෙළෙඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඕස්ට්‍රේලියාවට සිය විරෝධය පළ කර තිබේ.

විවිධ ආගම් අදහන පිරිසක් එකම මේසයක වාඩි වී භෝජනයක් රස විඳින ආකාරය ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් විසින් සකස් කරන ලද එම වෙළෙඳ දැන්වීමේ දැක්වේ.

එහෙත් ගනේෂ දෙවියන් මස් බුදින බවක් මීට ඉහතදී කිසිදු තැනක සඳහන් වී නොමැති බැවින් එම වෙළෙඳ දැන්වීම ඕස්ට්‍රේලියාවේ හින්දු බැතිමතුන්ගේ දැඩි විරෝධයට ලක්විය.

එබැවින් එම දැන්වීමට එරෙහිව සිය විරෝධය ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආයතන තුනකට දැනුම් දුන් බව කැන්බරා අගනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

'අපහාසාත්මක වෙළෙඳ දැන්වීමක්'

එමෙන්ම එම වෙළෙඳ දැන්වීම "අපහාසාත්මක සහ තමන්ගේ ආගමික විශ්වාසයන්ට රිදවන්නක්" ලෙස බොහෝ දෙනා විශ්වාස කරන බැවින් එය ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියාවේ අදාළ දෙපාර්තමේන්තුවෙන් (Meat & Livestock Australia - MLA) ඉල්ලීමක් කළ බව ද මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ හැරුණු විට ඉන්දීය ප්‍රජා සංවිධාන ගණනාවක් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සිය විරෝධය පළ කර ඇති බව ද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ සහ සයන්ටෝලොජි නිකායේ නිර්මාතෘවරයා ඇතුළු ආගමික නායකයන් එකම මේසයක අසුන් ගෙන භෝජනයක් භුක්ති විඳින ආකාරය එම රූපවාහිනී වෙළෙඳ දැන්වීමට ඇතුළත් වේ.

මහමත් නබි තුමන්ට භෝජන සංග්‍රහයට "සහභාගි විය නොහැකි වූ" බව ද දැන්වීම අතරතුර සඳහන් වේ.

එයට එරෙහිව "විවිධ ආගම් භක්තිකයන්ගෙන්" 30 කට අධික පැමිණිලි ලැබී තිබෙන බව වෙළෙඳ දැන්වීම් පිළිබඳ ප්‍රමිති කාර්යාංශය (Advertising Standards Bureau) පවසයි.



බැටළු මස් බුදීම ප්‍රවර්ධනය පිණිස ගනේෂ දෙවියන්ගේ රූපය යොදාගත් "හෙළා දැකිය යුතු උත්සාහයක්" ලෙසින් ඕස්ට්‍රේලියාවේ හින්දු සභාව පවසන අතර, එම වෙළඳ දැන්වීම තහනම් කරන මෙන් ඉල්ලා ආරම්භ කරන ලද අන්තර්ජාල පෙත්සමකට මේ වන විට 4400 කට වැඩි පිරිසක් අත්සන් තබා තිබේ.

එහෙත් ඕස්ට්‍රේලියාවේ විවිධත්වය සහ එකමුතු බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එය නිර්මාණය කරන ලද පවසමින් MLA ආයතනය පසුගිය සතියේ එය ආරක්ෂා කර තිබුණි.

(BBC ඇසුරිනි)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙළෙඳ දැන්වීමක මස් බුදින ගනේෂ දෙවියන්, බුදු හිමියන් සහ යේසුස් වහන්සේ [Video]
වෙළෙඳ දැන්වීමක මස් බුදින ගනේෂ දෙවියන්, බුදු හිමියන් සහ යේසුස් වහන්සේ [Video]
http://ift.tt/2xqMdM0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/video_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/video_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy