දෙමළ ජාතික සන්ධානය සහ එම සන්ධානය සමඟ කටයුතු කරන උතුරේ සිවිල් සංවිධාන කිහිපයක් මෙසේ ආණ්ඩුවට සිය ප්‍රසාදය පළ කර තිබේ. කාලයක් තිස්සේ පැවැ...
දෙමළ ජාතික සන්ධානය සහ එම සන්ධානය සමඟ කටයුතු කරන උතුරේ සිවිල් සංවිධාන කිහිපයක් මෙසේ ආණ්ඩුවට සිය ප්‍රසාදය පළ කර තිබේ. කාලයක් තිස්සේ පැවැති වැරදි අදහසක් දුරු කිරීමට මෙය වැදගත් අවස්ථාවක් බවත්, ඒ නිසා කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතුවලට මැදිහත් වන ලෙසත් අදාළ සංවිධාන සහ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
එසේ ම මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් ද පවසා තිබුණේ ලංකාව ඒකීය රටක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බවත්, බෞද්ධ රටක් ලෙස ලංකාව හැඳින්වීමට තමන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ කිසිදු විරෝධයක් නැති බවත් ය.
කාශ්‍යප කොතලාවල
COMMENTS