2018 – 2022 තරග සමය සඳහා වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය විකාශන අයිතිය හිමිකර ගැනීමට ඉන්...
2018 – 2022 තරග සමය සඳහා වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය විකාශන අයිතිය හිමිකර ගැනීමට ඉන්දියාවේ Star සමාගම අද (04) දින සමත්විය. මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.55 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 16,347.5 ක් Star විසින් ඉදිරිපත් කර තිබිණි.
2009 වසරේ දී මෙම IPL විකාශන අයිතිය Sony සමාගම විසින් හිමිකර ගෙන තිබුණු අතර වසර 10 ක ගිවිසුම් කාලය මෙම වසරේ දී අවසන් විය. එහිදී රූපවාහිනි විකාශන අයිතිය ඔවුන් ලබා ගෙන තිබෙුණේ ඩොලර් බිලියන 1.63 ක මිලකට ය.
2015 – 17 දක්වා කාලය තුළ IPL ඩිජිටල් විකාශන අයිතිය Star India සතුව පැවති අතර එහිදී වසර 3 ක කාලයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 303 ක් ගෙව තිබිණි.
රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය හරහා සිදුකෙරෙන IPL විකාශන කටයුතුවලට අදාළව මෙම වෙන්දේසිය සඳහා ලොව ඩිජිටල් මාධ්‍ය දැවැන්තයින් වන Facebook, Amazon, Twitter, Yahoo ඇතුළු සමාගම් ගණනාවක් ඉදිරිපත් වී සිටියහ.
පහත දැක්වෙන්නේ මෙවර IPL මාධ්‍ය වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ සමාගම් ලේඛනයයි.
Followon Interactive Media
Taj TV India
Star India
Sony Pictures Networks
Times Internet
Supersport International
Reliance Jio Digital Services
Gulf DTH
GroupM Media India
BeIN IP
Econet Media
Sky UK
BTG Legal Services
BT PLC
Amazon
ESPN Digital Media
Discovery
Airtel
BAM Tech
Yupp TV
DAZN/ Perform Group
Yahoo
COMMENTS