දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝකයේ දිගම ඔසරි පොට, ලෝක ලෙඩකි!
Homeප්‍රවෘත්ති

ලෝකයේ දිගම ඔසරි පොට, ලෝක ලෙඩකි!

PropellerAds

මේ සියලුම පාසල් දැරියන් මහනුවර රජයේ පාසලක ශිෂ්‍යාවන් ය. මෙකී රජයේ පාසල, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතාගේ නමින් නම් කරන ලද ඉස්කෝලයක...

චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි
ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප පෙබරවාරියේ සිට
අයවැය අතලඟ තිබියදී 'බජට් රහස්' කියන්න රවී - චන්ද්‍රිකා හමුවෙයි
ලෝකයේ දිගම ඔසරි පොට, ලෝක ලෙඩකි!

මේ සියලුම පාසල් දැරියන් මහනුවර රජයේ පාසලක ශිෂ්‍යාවන් ය. මෙකී රජයේ පාසල, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතාගේ නමින් නම් කරන ලද ඉස්කෝලයකි. මේ මංගල්ලයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ද සරත් ඒකනායක මහඇමති ය.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී මරිනි ඩි සිල්වා, ඒ එෆ් පී පුවත්සේවය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සඳහන්  කළේ මෙසේ ය. “අපි මේක ගැන විමර්ශනයක් කරනවා. මොකද මේක අලුත් ප්‍රවණතාවක් වෙන්න උවමනා නැහැ...”

කතාව සහතික ඇත්ත ය. 

පාසල් වේලාවේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙවැනි කටයුතු සඳහා යොදාගැනීම, පැහැදිලි ළමා අයිතිවාසිකම් උල්ලංඝනයකි. එය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ඔවුන්ට අහිමි කිරීමක් මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව පරදුවට තැබීමක් සහ ඔවුන්ගේ අභිමානය ට හානි කිරීමක් වේ. මේවා වසර 10ක සිරදඬුවමකට යටත් කළ හැකි අපරාධ වරද වේ.

ලංකාව මේ වන විට මංගල්ල රාශියක් සම්බන්ධයෙන් ලෝක වාර්තා සහ ගිනස් වාර්තාවලට හිමිකම් කියමින් සිටියි. ලෝකයේ ලොකුම, දිගම, උසම, බරම යනාදී වශයෙන් ඒවා කාණ්ඩගත කළ හැකිය. උදාහරණයක් වශයෙන් 2013 සිට 2015 වසර දක්වා කාලය තුළ ලෝකයේ වැඩිම මනාල යෙහෙළියන් සංඛ්‍යාවක් සහභාගි වූ මංගල්ලය පිළිබඳ ගිනස් වාර්තාව බිහිවූයේ මීගමුවෙනි. මෙම උත්සවය සඳහා මනාලි යෙහෙළියන් 126 ක් සහභාගි වූ අතර, විය යුතු ලෙසටම ඒ උත්සවයේ ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගි වූයේ එවකට බිසොව වු ශිරන්ති රාජපක්ෂ ය.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට අනුව මේ වන විට මෙම අලුත්ම සිද්ධිය සම්බන්ධයෙන් මනාල යුවළ ප්‍රශ්න කර ඇති අතර, ඒ සිද්ධියේ ප්‍රශ්න කළ යුතු පාර්ශව තවත් ගණනාවක් සිටින බව විමසිල්ලෙන් බැලූ විට පෙනී යයි. උදාහරණයක් වශයෙන් මනාලියගේ ඇඳුම නිර්මාණය කළ නිර්මාණ ශිල්පිනිය පස්වාන් දහසක් ප්‍රීතියෙන් පිනායමින්ස ඳහන් කරන්නේ “අද මගෙ හීිනයක් හැබෑ වුණා..” යනුවෙනි. මේ අනුව පාසල් නිල ඇදුමින් සැරසුණු දැරියන් විසින් ඔසරි පොට උස්සාගෙන සිටීම ඒ හීනයේ කොටසක් ද හෙවත් ඇය තුළ අපසහායක චේතනාවක් තිබුණා ද යන්න සොයා බැලීමට සිදුවනු ඇත. මේ සියල්ල අතරේ මනාලිය තමන්ගේ ඔසරි පොට ගැන කිව්වේ මොනවාද? “මේක දිග වැඩියි.. ඒක තමයි ඉතිං කියන්න තියෙන්නෙ..” කියා ය. එක අතකින්, මනාලියගේ ඔසරි පොටේ දිගවත්, ඇයට උවමනා විදිහට කැමැත්ත පරිදි තීරණය කර ගන්නට නිදහසක් නැති රටක කාන්තා සහ ළමා අතියිවාසිකම් ගැන කවර කතාද..?

ඉතා සරලව කිව යුතුව තිබෙන්නේ මෙය යි. 

අනේ මහත්තුරුනි, ඕන මගුලක් නටාගනු. එහෙත් පාසල් නිල ඇඳුමට අත නොතබනු!

මෙහිදී තවත් දෙයක් කිව යුතුමය. යම් හෙයකින් මේ ඔසරි පොටේ මංගල්ල්‍යය මහනුවර නොමැතිව කොළඹ පැවතුණා නම් මේ උත්සවය, ඉහළ පෙළේ දේශපාලන නියෝජනය හේතුවෙන් තවත් විචිත්‍ර වන්නට ඉඩ තිබූ බව ය.!

මේ සියල්ල සමග මේ වන විට පෙර මග ලකුණු පහළ වෙමින් තිබෙන ආකාරයට ලංකාව දැන් සිටින්නේ තවත් ලෝක වාර්තාවක අබියස ය. එනම්, ‘තමන් කැමති මගුලක් රාජ්‍ය අනුග්‍රහය සහිතව කැමති පරිදි නටා ගත හැකි ලෝකයේ හොඳම රට’ වශයෙනි. 

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝකයේ දිගම ඔසරි පොට, ලෝක ලෙඩකි!
ලෝකයේ දිගම ඔසරි පොට, ලෝක ලෙඩකි!
http://ift.tt/2yk3EKM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_989.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_989.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy