දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගිණුම් පරීක්ෂාවට.
Homeප්‍රවෘත්ති

අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගිණුම් පරීක්ෂාවට.

PropellerAds

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සී ඩබ්ලිව් ජී හම්බන්තොට 2018 සමාගමට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා හි...

එස් බී, ඩිලාන්, විජිතමුණි, ලක්ෂ්මන් යාපා, ෆවුසිගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය තහනම් කරයි
පොහොට්ටුව ලකුණු වෙනස් කරන්න සූදානම්.. ශ‍්‍රීලනිපයට කිසිදා කල නොහැකි කොන්දේසියක් දමයි
ජනාධිපතිවරණය කැදවීම එන සතියේ.. නාම යෝජනා ගැනීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සී ඩබ්ලිව් ජී හම්බන්තොට 2018 සමාගමට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ, ඒ මහතාගේ බිරියගේ සහ දරු දෙදෙනාගේ ගිණුම් පරීක්ෂා කිරිමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (04) අවසර ලබා දුන්නාය.

ඒ අනුව ඔවුන්ට අයත් විවිධ බැංකුවල ගිණුම් 12 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරිමට මහේස්ත්‍රාත්වරිය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට අවසර දෙනු ලැබුවාය.

2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඔස්ට්‍රෙලියාව සමග ලංසු දමා ඡන්ද විමසීම සඳහා රුපියල් මිලියන 650ක් වැය කිරිම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති අතර එම මුදලින් රුපියල් මිලියන 50ක් ආයෝජනය කළා යැයි සැකකරෙන දාටෝ සේරි නැමැති මැලේසියානු ජාතිකයාගේ ගීණුම් පරීක්ෂා කිරිමේදී එම මුදල් ඉහත ගිණුම්වලට බැර වී ඇති බව පිළිගෙන ඇති බවද මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහු මහ බැංකු අධිපතිවරයාව සිටියදී රජයේ සුරැකුම්පත්වල සහ මහාභාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනය කර ඇද්දැයි සොයා බලන බවද මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

මෙම ව්‍යාපෘතිය මගින් ලබා ගත් මුදලින් හම්බන්තොට කොමන්වෙලත් (CWG) ක්‍රීඩා ගම්මානයක් හදන්න සැලසුම් කර ඇති බවත් ඡන්ද විමසීමට ප්‍රථම මෙම මුදල් ආයෝජනය කර ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කළ විමර්ශන අනාවරණය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධීපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015.07.21ත් 2017.07.29ත් අතර කාලය තුළ පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශන සිදු කර ඇත.

(දිනමිණ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගිණුම් පරීක්ෂාවට.
අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගිණුම් පරීක්ෂාවට.
http://ift.tt/2eBAkYo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_896.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_896.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy