ඔ ක්තෝම්බර් මස එකොළොස් වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගතහොත් ඔවුන් කියන පරිදි ශ්‍රී ලංකා පොදුජන...
ඔක්තෝම්බර් මස එකොළොස් වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගතහොත් ඔවුන් කියන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පෙහොට්ටුව ලාංඡනය වෙනස් කිරීමට සූදානම් බව පොදුජන පෙරමුණේ පළාත් පළාත් පාලන මන්ත්‍රී සංසදය සඳහන් කරයි.
එහි කැදවුම්කරු වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා සඳහන් කලේ මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබෑ නියෝජනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව තිබෙන බැවින් තමන් සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බවයි.
එසේ නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා හා මාධ්‍ය ප්‍රකාශකයා වරයා පවසන ආකාරයට කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් නැතැයි ද ඔහු කියා සිටියේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවා ජයගෙන පෙන්නුවොත් ඔවුන් කියන ආකාරයට පොහොට්ටුව ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS