දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් ප්‍රතිපත්තියක් තියෙනවද?
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් ප්‍රතිපත්තියක් තියෙනවද?

PropellerAds

සැප්තැම්බර් 10 වන දින රත්නපුර මහජන ක්‍රීඩාංගනයේදී (සීවලි ක්‍රීඩාංගනය) පැවත්වෙන,එක්සත් ජාතික පක්ෂයේ 71 වන සම්මේලනය පදනම් කර ගනිමින්,සැප්තැම්...

හිස් වූ මන්ත්‍රී ධුර‍ය පිරිනමා චන්ද්‍රිකා විපක්ෂ නායිකාව කරන යෝජනාවක් !
අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා - කථානායක
rathana thero

සැප්තැම්බර් 10 වන දින රත්නපුර මහජන ක්‍රීඩාංගනයේදී (සීවලි ක්‍රීඩාංගනය) පැවත්වෙන,එක්සත් ජාතික පක්ෂයේ 71 වන සම්මේලනය පදනම් කර ගනිමින්,සැප්තැම්බර් 6 වන දින,සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු එජාපයේ සහ ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති නොගැලපෙන තත්ත්වයක මේ ආණ්ඩුවට පෙරට යා හැකිදැයි නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් තිබේදැයි ප්‍රශ්න කළේය.

වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රීලනිප ය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ බව කීවද,මහින්ද රාජපක්ෂ මහතා එහි බලය තව දුරටත් වැඩි කර ගනිමින් නායකත්වයේ රැදී සිටීමට උත්සාහ කළ බවය.විවෘත ආර්ථිකයට විරුද්ධ බව කීවද එය වැඩි දුරටත් පවත්වාගෙන යමින් ප්‍රවර්ධන ගිණුම පවා පුළුල් කරන්නට මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළ බව පෙන්වා දුන්නේය.අද ජනාධිපති ක්‍රමය රැක ගන්නට අරගල කරන්නේද විපක්ෂයේ සිටින මහින්ද කණ්ඩායම බව පෙන්වා දුන් අමාත්‍යවරයා මොවුන් දිගටම කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන් වැඩ සටහන් විවේචනය කර බලයට පැමිණ ඒවාම ක්‍රියාත්මක කිරීම බව අවධාරණය කළේ ‘අපේම කළිසම අගේට ඇදගෙන උගේ වගේ යනවා යනුවෙන් ජන වහරේ එන ප්‍රසිද්ධ ගීතයක තනුවට අනුව වචන යොදා ගැයෙන ගීතයක පද කොටසකුත් සිහියට නංවමින්ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මැයි දිනය සිහියට නැංවූ අමාත්‍යවරයා  එතුමාට එහි ගායනා කිරීමට උචිත ගීතයක් ද,රැජිණ මමයි රැජිණ මමයි යන ප්‍රසිද්ධ ගීතය අනුසාරයෙන් ඉදිරිපත් කළේ,’රජා මමය රජා මමයි අපේ රාජ්ජේ මේ පැත්තත් මං වික්කේ අර පැත්තත් මං වික්කේ’ යනුවෙන් පවසමින්ය.එයට හේතු ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම මැයි වේදිකාව දෙපස තිබෙන මුහුදේ කොටස ද,ආරක්ෂක අමාත්‍යංශයට අයත් භූමියද,මුදලට විකුණා දමන්නට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබීමය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතාවට දුන් පොරොන්දුව සැබෑ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව කබීර් හෂීම් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එය 2020 මැතිවරණයට කළින් සිදු විය හැකි බව වැඩි දුරටත් පැවසූ අමාත්‍යවරයා,කියා සිටියේ දින 100 ආණ්ඩුව යටතේම එහි පැවති ඇතැම් කරුණු වෙනස් කිරීමට කටයුතු කළ බවය.

මාධ්‍යවේදීන් ශ්‍රීලංනිපයේ ආණ්ඩුවට සම්බන්ධ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් යන බවට මාධ්‍යවල පළවන තොරතුරු සම්බන්ධයෙන් විමසීමක් කළ අවස්ථාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ අමාත්‍යවරුන්ට තිබූ බලය දැන් සීමා වී ඇති නිසා යම් යම් වරප්‍රසාද පතා පැමිණි අයට එසේ ඉන්නට එපා වී තිබිය හැකි බවය.මෙය ජනතාව වෙනුවෙන් කැපවීම් කරන්නට හැකි අයට වගකීම් දැරිය හැකි ආණ්ඩුවක් බව කී ඒ මහතා,ශ්‍රීලනිපයේ ඇතැමුන් ආණ්ඩුවේ සිට කරන විවේචන සම්බන්ධයෙන් කියා සිටියේ,මේවා ජනතාව වෙනුවෙන් අනාගතය ගැන සිතා ගත යුතු තීන්දු බවය.ඒවායේ දුක ජනතාව වෙනුවෙන් කැපවීමෙන් දරා සිටින්නට එජාපයට සිදු වී තිබෙන බව කී අමාත්‍යවරයා,නරක යැයි යන මතයකදී ආණ්ඩුවේ සිටම එජාපය විවේචනය කරන ඇතැමුන්,එජාපය ආණ්ඩුව වෙනුවෙන් ජනතාව අතර ජනප්‍රියතාවය ඇති වන වැඩක් කළ විට එය බෙදා ගැනීමට ඔවුන් පෙරට එන බවය.

නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රජය පවත්වාගෙන යාම කෙරෙහි දැඩි අවධානය යොමු කර කටයුතු කරන බව කී කබීර් හෂීම් මහතා,ඒ නිසාම මහින්ද රාජපක්ෂ මහතා වෙසක් පෝයට පෙර ආණ්ඩුව ලබා ගැනීමට කටයුතු කන බවට ප්‍රකාශ කළ ද,ආණ්ඩුව 2025 තෙක්ම පවත්වාගෙන යාමට අවශ්‍යය වැඩ සටහනද මේ රජය සකස් කළ ඇති බවය.

එක්සත් ජාතික පක්ෂය ජනතාව වෙනුවෙන් අපහසු තීරණ ගනිමින්,මේ රටේ අනාගතය සාර්ථක සහ ශක්තිමත් එකක් කරන්නට කටයුතු කර තිබෙන බව පැවසූ ඒ මහතා පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වී ඇති වංචාවන් නිසා ජනතාව අතට පත් වීමට තිබූ වරප්‍රසාද එම පළාත් පාලන ආයතනවල බලයේ සිටි නියෝජිතයන්ගේ සාක්කුවලට වැටුණු බවය.මේ නිසා බයිසිකලයේ පැමිණ පාලන බලය ගත් අය කොන්ත්‍රාත් බෙදා ගනිමින් මුදල් උපයාගෙන පසුව පෙජරෝ,මොනිටරෝවල ගිය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ඒ නිසා ගමට යහපත් දේශපාලන නායකත්වයක් ලබා දීමට අවශ්‍යය වටපිටාව සකසමින් අපේක්ෂකයන් තේරිම සඳහා නිර්නායකයන් සකසන බව කී අමාත්‍යවරයා ඒ අනුව අපරාධ විධි විධාන පනත යටතේ චෝදනා ඇති ඇයෙකුට අපේක්ෂකත්වය හිමි නොවනු ඇති බව පෙන්වා දුන්නේය.මේ ආකාරයට සළකා බලන නිර්නායකයන් ඉදිරියේදී සියල්ල මාධ්‍ය දැන්වීම් මඟින් ප්‍රචාරය කරන බව කී අමාත්‍යවරයා ජනමාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ මෙම නිර්නායකයන් සපුරා නැතිනම් හිටපු නියෝජිතයෙකුට වුව අපේක්ෂකත්වය අහිමි විය හැකි බවය.

රටට පලදායීම සේවය සහ කැපවීම කරපු පක්ෂය මෙන්ම පාක්ෂිකයාද එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ රට වෙනුවෙන් ඝාතනය වූ වැඩිම දේශපාලන නායකයන් පිරිසක් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ බව පෙන්වා දුන්නේය.මේජර් ජෙනරාල් ජානක පෙරේරා වැනි නායකයන් විපක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයාව සිටියදීත් ඝාතනය වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වසර විස්සක් විපක්ෂයේ රැදී සිට පැමිණ,මහින්ද - ‍මෛත්‍රී පාර්ශව එකට එක්ව ඡන්දය ඉල්ලා තිබියදීත් වැඩිම ජන බලය දිනා ගත් පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වටපිටාව තිබියදීත්,රට වෙනුවෙන් සිතා ගත් තීන්දුව හේතුවෙන,අදද පළාත් සභා බල ප්‍රදේශවලදී එක්සත් ජාතික පාක්ෂිකයාට සිය හිමිකම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

නමුත් රට වෙනුවෙන් අමාරු තීරණ ගැනීමට එක්සත් ජාතික පක්ෂය හෝ එහි පාක්ෂිකයා නොපසුබටව කැප වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.ලංකාවට රූපවාහිණිය හදුන්වා දීමේදී එක්සත් ජාතික පක්ෂ රජයට සිදු කළ බලපෑම් සහ විරෝධතා මෙන්ම රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟළුම් කර්මාන්ත ශාලා අරඹන විට සුද්දන්ට ජංගි මහනවා ලෙස එල්ල කළ විරෝධයද,ඛෙත්තාරාම ක්‍රීඩාංගනය ආරම්භ කරන විට එල්ල වූ විරෝධතා ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

නමුත් අද ඒ සියල්ල රටට සම්පතක් වී ඇති බව පැවසූ අමාත්‍යවරයා දුෂ්කරතා විරෝධතා නොතකා රට වෙනුවෙන් කැප වෙන්නට එක්සත් ජාතික පක්ෂයට ඇති හැකියාව නිසාම මේ රටට වඩාත්ම සේවය කළ පක්ෂය හැටියට තමන්ට වසර 71 ක ඉතිහාසය සමරා සම්මේලනයක් උත්සවශ්‍රීයෙන් මෙන්ම ආඩම්බරයේන්ද සැමරිය හැකි බව පෙන්වා දුන්නේය.

රටට අවශ්‍යය කැපවීම කරමින් පක්ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා ස්වයං විවේචනයක යෙදෙමින් වරදක් සිදු වී ඇත්නම් සමාවන ලෙස ජනතාවගෙන් ඉල්ලන්නට තරම් නිහතමානී වී ඇති බව කි අමාත්‍යවරයා සැකයකට බඳුන් වූ පුද්ගලයන්ට පවා තනතුරු අහිමි කරමින් කටයුතු කරන්නට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවත්,විනයකට යටත්ව පක්ෂය සහ රජය විවේචනය කරමින් හිතුමතේ හැසිරෙ ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඩුවම් දීමට කටයුතු කරමින් පක්ෂය රටට පූරුවාදර්ශයක් සපයා ඇති බවත් පෙන්වා දුන්නේය.

සරත් ෆොන්සේකා මහතා ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශයක් නොවන බවත් එය එතුමාගේ පෞද්ගලික අදහසක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එදා සරත් ෆොන්සේකා මහතා බල්ලෙකු මේ ඇදගෙන ගොස් හිරේ දමන විට එය ප්‍රශ්න කිරීමට නොහැකි වාතාවරණයක සිටි මාධ්‍යයට අද මෙවැනි ප්‍රශ්න ඇසීමට හැකි විම යහපාලනයේ ප්‍රතිපලයක් බව පෙන්වා දුන්නේය.

යුද්ධය වෙනුවෙන් කැපවුණු මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවට රැගෙන යන බවට ඔහු හඬමින් සිටි බව කී අමාත්‍යවරයා මේ රජය පළමුව කළේ ඔහු බේරා ගැනීම බව පෙන්වා දුන්නේය.එසේම වෙනස් මත දැරීම නිසා පළිගත් යුධ වීරයන් නැවත නිසි ස්ථානවල පිහිටුවීමට කටයුතු කළ බව කී අමාත්‍යවරයා නව නාවික හමුදාපතිවරයා ද එවැන්නෙක් බව සිහිපත් කළේය.ඒ නිසා යුධ වීරයන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය වගකීමෙන් කටයුතු කරන බව ද ඔවුන් ජාත්‍යන්තරයට ගෙන යාමට ඉඩ නොතබන බව ද පෙන්වා දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් ප්‍රතිපත්තියක් තියෙනවද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් ප්‍රතිපත්තියක් තියෙනවද?
http://ift.tt/2xdmp5V
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_866.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_866.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy