දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තේරීම් කමිටුවක් නැතුවම සංචිතයක් තෝරලා - ක්‍රිකට් සභාපතිකමෙන් තිලංග යයි?
Homeප්‍රවෘත්ති

තේරීම් කමිටුවක් නැතුවම සංචිතයක් තෝරලා - ක්‍රිකට් සභාපතිකමෙන් තිලංග යයි?

PropellerAds

අධිකරණයෙන් පසුගියදා ලැබුණු නඩු තීන්දුවක් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ක‍්‍රීඩා පනතට අනුව එම ධූරයට සුදුසු ද යන ගැටලු...

2020ට හොඳම පොදු අපේක්ෂකයා විජේදාස රාජපක්ෂ
ශිරන්තිට එල්ලවන චෝදනා සියල්ල සත්‍යයි - එස්බී
මලාලා ඔක්ස්ෆර්ඩ් සරසවියට

අධිකරණයෙන් පසුගියදා ලැබුණු නඩු තීන්දුවක් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ක‍්‍රීඩා පනතට අනුව එම ධූරයට සුදුසු ද යන ගැටලුව නැවතත් මතුවී තිබේ. සුමතිපාල මහතා ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ පවුලක සාමාජිකයකු යැයි එම නඩුවේදී ප‍්‍රකාශ වී තිබූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවකදී කළේ යැයි කියන ප‍්‍රකාශයකට එරෙහිව සුමතිපාල මහතා පවරා තිබූ එම නඩුව ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ පවුලක සාමාජිකයකු යැයි කියන හේතුව නිසාම තව දුරටත් පවත්වාගෙන නොයෑමට අධිකරණ තීරණය කර තිබුණි.   

සුමතිපාල මහතා 2016 වසරේ ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා ක‍්‍රීඩා අමාත්‍යංශය නොසළකා හැරීම මෙම අධිකරණ තීන්දුවත් සමඟ අභියෝගයට ලක්ව තිබේ. නිලවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් එළඹි සියලු තීරණ සම්බන්ධයෙන් තමන් වගකීම ගන්නා බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබිණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීමට තිලංග සුමතිපාල මහතා ප‍්‍රමුඛ වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය වගකිවයුතු බවට විවිධ අංශවලින් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබේ. එහිදී ඇතැම්හු ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය විසුරැවා හැර අතුරු කමිටුවක් පත්කළ යුතු බව ප‍්‍රසිද්ධියේ පවසති.

එම චෝදනා ඉවසාගත නොහැකි සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉල්ලා අස්වූ බව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සහ ක‍්‍රිකට් පරිපාලනයේ තත්ත්වය බින්දුවට වැටී තිබියදී ක‍්‍රීඩා අමාත්‍යංශය ‘අතීසාරයට අමුඩ ගැසීමේ’ සමුළුවක් ලබන 15 වැනිදා බත්තරමුල්ලේදී පැවැත්වීමට සූදානමින් සිටී. 

මෙම සමුළුවේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන්, හිටපු ක‍්‍රිකට් පරිපාලකයන්ගෙන්, මාධ්‍යවේදීන්ගේ ඇතුළු බොහෝ පිරිසකගෙන් අදහස් ලබා ගන්නා බව ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි. මෙම සමුළුව සම්බන්ධයෙන් හිටපු සුපිරි ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් පවසා තිබුණේ මෙවැනි දේවල් බොරුවැඩ බවයි. 

මොකටද අපේ අදහස් ගන්නේ. අපේ අදහස් අරගෙන ක‍්‍රියාත්මක කරනවද? ඒකටනේ ඔය කට්ටියක් පත්කරලා තියෙන්නේ. එයාලට බැරි නම් වෙන කාට හරි දෙන්න  ඕනේ යැයි එහිදී මුරලිදරන් වැඩි දුරටත් පවසා තිබුණි. 

මෙම සමුළුව ද වෙනත් සමුළු සේම වාර්තාවකට සීමා වනවාට නම් සැක නැත. කරන්න වැඩක් නැත්තේ නම් මෙයට සහභාගි වූවාට කම් නැතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති. සමහරුන්ගේ මතය දේශපාලනය මුළුමනින්ම ඉවත් කරන තුරු මේ කඩා වැටීමෙන් ගොඩ ඒම අසීරු වන බවයි. හිටපු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහාය ලබාගෙන කණ්ඩායමට යළි ජීවය කැවීමටත් හොඳ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීමටත් එය අවශ්‍යම සාධකයක් බව ඔවුහු පෙන්වා දෙති. දැන් සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම් පිළිබඳව කතා නොකර විවිධ නිවේදන නිකුත් කිරීම සහ සැලසුම් සකස් කිරීම බවත් පවතින තත්ත්වය යටතේ ඒ සියල්ල ගඟට කැපූ ඉනි වනු ඇති බවත් ඔවුහු කියති. ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිව යුතු දක්ෂයන් විශාල පිරිසක් ඈත්ව සිටින බවත් ජයසූරියලාගේ අරවින්දලාගේ ඈත්වීම ඊට ආසන්නම සිදුවීම බවත් ඔවුහු පෙන්වා දෙති. 

මේ අතර හදිසි නිලවරණයක් කැඳවා වගකීම් කරට ගතහැකි නායකයෙකුට ක්‍රිකට් සභාපති පදවිය භාරදීමට තිලංග සුමතිපාල මහතාගේ සූදානමක් ඇති බවත් පැවැසෙයි. නමුත් තමත් පිරිසක් කියන්නේ තිලංග දැනටද  සභාපති පදවිය දැරීම නිත්‍යානුකූල නොවන බවයි. 


තේරීම් කමිටුවක් නැතුවම පාකිස්තාන් සංචාරයට සංචිතයක් තෝරාගෙන

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ලබන සතිය අවසන් වන විට පාකිස්තානු පිලට එරෙහිව තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය.  මෙහිදී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට දිවා/රාත‍්‍රී ටෙස්ට් තරගයකට සහභාගි වීමට නියමිතය. එම තරගය ඔක්තෝබර් මස මුල ඩුබායි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සුදානම් කර තිබේ.

දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අබුඩාබිහිදී මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්දින සහ විස්සයි20 පිලේ නායක උපුල් තරංග ඇතුළත් කර නැති අතර ඔහු මාස හයකට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙන්ම බොහෝ දෙනෙකු ක‍්‍රීඩකයන්ට අත්දැකීම් නැති බව පවසද්දී ශ්‍රී ලංකා පිලේ වැඩිම අත්දැකීම් ඇති ක‍්‍රීඩකයා විවේක ගන්වා තිබේ. 

උපුල් තරංග මෙම වසරේ මේ දක්වා ටෙස්ට් තරග 8 කදී ලකුණු 430 ක් රුස්කරමින් ශ්‍රී ලංකාවේ සිවුවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටී. උපුල්ගේ ඉනිමක සාමාන්‍ය 39.09 කි.

දිමුත් කරුණාරත්න (634), කුසල් මෙන්ඩිස් (611) සහ නිරෝෂන් දික්වැල්ල (443) උපුල්ට ඉහළින් සිටිති. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ එක්දින සහ විස්සයි20 තරගවලට දැඩි අවධානය යොමු කිරීම සඳහා ඔහුව ටෙස්ට් පිලෙන් විවේක ගැන්වූ බවයි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් මතයට අනුව උපුල් විවේක ගැන්වීම අටුව කඩා පුටුව සැදීම වැනි ක‍්‍රියාවකි.

පාකිස්තානු සංචාරයට කණ්ඩායම තේරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ ජාතික තේරීම් කමිටුවක් නොමැත. මෙම සංචිතය තේරුවේ කවුද? අවසන් 15 දෙනාගේ සංචිතය තෝරන්නේ කවුද යන ප‍්‍රශ්නය මේ වන විට මතුවී තිබේ.

දැනගන්න ඇත්තේ පන්දු රැකීමේ පුහුණුකරුව සිට තාවකාලික ප‍්‍රධාන පුහුණුකරු තනතුරට පත්වූ නික් පොතාස් මහතා මේ වන විට තේරීම් කමිටුවේ රාජකාරිය ද බාරගෙන ඇති බවයි.  පාකිස්තානු සංචාරය සඳහා නම් කර ඇති 25 දෙනකුගෙන් යුත් මූලික සංචිතය නික් පොතාස් නම් කළ එකක් බව ඇතැම්හු පවසති.  

එම සංචිතයට ආබාධයන්ට ලක්ව වසරකට වැඩි කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ධම්මික ප‍්‍රසාද් සහ දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ඇතුළත්ව සිටිති.

ධම්මික ප‍්‍රසාද් නැවතත් පන්දු යැවීම ආරම්භ කර පුහුණුවීම්වල නිරතව සිටින අතර ඔහුට පාකිස්තානු සංචාරයට සහභාගි වීමේ හැකියාවක් තිබේ ද යන්න තවමත් සැක සහිතය. ආබාධයන්ට ලක්ව සිටි ක‍්‍රීඩකයන් රුසක් එම සංචිතයට ඇතුළත්ව සිටිය ද අසේල ගුණරත්න සහ කුසල් ජනිත් තවමත් ලෙඩ ඇඳන් වලම පසුවෙති. 

ශ්‍රී ලංකාවට වැටී සිටින අගාධයෙන් ගොඩ ඒමට නම් බොහෝ වෙනස්කම් සිදුවිය යුතුව තිබේ. එවැනි දේ වනවා ද යන්න බලා සිටීම පමණක් අපට කළ හැකිය.  

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික‍්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, ලක්‍ෂාන් සඳකැන්, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ශාමින්ද එරංග සහ ධම්මික ප‍්‍රසාද්

-යොහාන් භාසුර  | වරකාගොඩ ගමගේ



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තේරීම් කමිටුවක් නැතුවම සංචිතයක් තෝරලා - ක්‍රිකට් සභාපතිකමෙන් තිලංග යයි?
තේරීම් කමිටුවක් නැතුවම සංචිතයක් තෝරලා - ක්‍රිකට් සභාපතිකමෙන් තිලංග යයි?
http://ift.tt/2jdixM5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_798.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_798.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy