මේ අනුව එක් සැකකරුවකු වෙනුවෙන් රුපියල් 15,000 බැගින් මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මහාධිකරණ විනිසුරු තුමන් විස...
මේ අනුව එක් සැකකරුවකු වෙනුවෙන් රුපියල් 15,000 බැගින් මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මහාධිකරණ විනිසුරු තුමන් විසින් නියෝග කෙරිණ.
2016 ඔක්තෝබර් 20 වැනි දා කුලප්පිඞ්ඩිහිදී යතුරු පැදියකින් ගමන්කරමින් සිටි යාපන විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ විජයකුමාර් සුලක්ෂන්(24) සහ නඩරාජා කජන් (23) යන සිසුහු දෙදෙනා පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වීම නිසා සැක පිට අදාල පොලිස් නිලධාරීන් පසු දෙනා අත්අඩංගුවට ගන්නා ලදි .
සාපරාධී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සහ කරුණු වසන්කිරීම, ඇතුළු චෝදනා නවයක් ඔස්සේ පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පවරා තිබේ.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS