දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණ කොමසාරිස් අන්තිමට කියයි පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා
Homeප්‍රවෘත්ති

මැතිවරණ කොමසාරිස් අන්තිමට කියයි පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා

PropellerAds

ආණ්ඩුව පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොව ඡන්දයට මූන දීමේ බය නිසා බැවින් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවස...

කුලියාපිටියේ බුදුපිළිම කැඩු ඉන්දියානුවා හදිසියේ ජීවිතක්ෂයට
ප‍්‍රමිති ආයතනයේ ප‍්‍රධානීට මනුෂ්‍ය ඝාතන චෝදනා.. රහස් පොලිසියට පැමිණිලි
ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ… ගස් නැති මැදපෙරදිගත් ඔක්සිජන් තියෙන්නේ - මධ්‍යම පරිසර අධිකාරි සභාපති

ආණ්ඩුව පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොව ඡන්දයට මූන දීමේ බය නිසා බැවින් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඕස්ට්‍රෙලියානු ජා‍තික බ්‍රයන් ෂැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ නීත්‍යානුකූල නොවන අයුරින් පත්වු නීතිපතිවරයෙක්ගෙන් අපිට මීඩ වඩා දෙයක් බලාපොරොත්තු වි නොහැකි බවයි.

විශේෂයෙන්ම අද තියෙන දේශපාලන තත්වය ගැන අවධානය යොමු කලොත් අපි දන්නවා විසිවෙනි සංශෝධණය ඉදිරිපත්කරපු දින මම ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මම කිව්වා අගමැතිතුමා නඩුව අහන්නත් කලින් පළාත්සභා මැතිවරණය වසරකින් කල් යනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පිළිතුරක් ලබා දෙයි කියලා. අපිට දැනට ලැබිලා තියෙන නිල නොලත් තොරතුරු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසිවෙනි සංශෝධණය ජනමත විචාරණයකට යොමුකරලා තියෙනවා.

ආණ්ඩුව මේ පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොවේ. ඡන්දයට මූන දීමේ බය නිසයි. ඒ නිසා මොවුන් අද උත්සහයක යෙදිලා ඉන්නවා ලබන බදාදා විසිවෙනි සංශෝධනය වෙනුවට පලාත් සභා මැතිවරණ සංශෝධණ පනත ගේන්න. ඒ පනතේ බලාපොරොත්තුව කාන්තාවන්ට පළාත්සභාවල අවම නියෝජනය 30% ට සහතික කිරීම.  නමුත් මේ පනත ඇතුලේ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ සංශෝධණයක් ගෙනවිත් පලාත්සභා මැතිවරණය කල් දැමීමේ උත්සහයක් තිබෙනවා.  මොකද කොට්ඨාශ ක්‍රමය මත පදනම් වු මැතිවරණ ක්‍රමයක් හැදුවට පස්සේ කොට්ඨාශ කඩා සීමා නිර්ණය කරන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න බැරිවෙනවා. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නැවත වතාවක් කියන්න පුළුවන් පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා.

නමුත් මෙය නීති විරෝධියි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය යටතේ යමක් පාර්ළිමේන්තුවේ විවාද කිරීමට අවම වශයෙන් දෙසතියකට කලින් එය ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කළ යුතුයි.  එහෙමනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මේ සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිලිබද කතානායක වරයාට බාරදිය යුතු සහතිකය බාරදීමට ඔහුට නෛතික අයිතියක් නැහැ. නමුත් අපි දැක්කා පළාත්පාලන මැතිවරණ සංශෝධණ පනතට එවැනි සංශෝධන ගෙන ආපු වෙලාවෙ අපේ විරෝධය නොතකා කතානායක වරයාට එවැනි සහතිකයක් නීතිපති වරයා දුන්නා.

නීත්‍යානුකූල නොවන අයුරින් පත්වු නීතිපතිවරයෙක්ගෙන් අපිට මීඩ වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපි නීතිපතිවරයාට අනතුරු ඇගවීමක් කරනවා 2002 අංක පහ දරණ නිළධාරීන් ඉවත්කිරීමේ කාර්ය පටිපාටී පනත යටතේ තම රාජකාරිය නොසැලකිල්ලෙන් කරනවානම් පක්ෂක්ග්‍රාහීව කරනවනම් ව්‍යවස්ථා විරෝධීව කරනවනම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඔහු ඉවත්කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා.

ඒ නිසා අපි එතුමන්ට කියනවා ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය උල්ලංඝණය කරමින් 79 වෙනි වගන්තිය යටතේ ලබාදෙන සහතිකය ලබාදුන්නොත් ඔබ ඉවත්කිරීමට අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එනවා. ඒ නිසා ඔබේ ආණ්ඩුවට තියෙන පක්ෂක් ග්‍රාහීත්වය දැන්වත් නතර කරලා නීතිපති තනතුරේ ගෞරවය සුරකින ආකාරයට පලාත්සභා සංශෝධණ පනත සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඔහුට කරන අතරම ඔබව අපි හෙළි කරනවා කියන අනතුරු ඇගවීමත් අපි නීතිය කොත්තුදාන නීතිපතිතුමන්ට සිහිපත් කරනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණ කොමසාරිස් අන්තිමට කියයි පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා
මැතිවරණ කොමසාරිස් අන්තිමට කියයි පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා
http://ift.tt/2jFUAgI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_739.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_739.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy