මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කලින් ත්‍රස්තවාදය මුලිනුපුටා ස්ථාවරත්වය ඇති කිරීම සදහා ආරක්‍ෂක හමුදා කටයුතු කරනු ඇතැයි ජනාධ...
පසුගිය පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තයන් සියල්ලන් අවසන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා රොයිටර් පුවත් සේවය සාකච්ඡාවක් හා එක්වෙමින් සදහන් කර තිබේ.
මැතිවරණන් කල් දැමීමට නොහැකි බවද පවසන ජනාධිපතිවරයා ඊට කලින් රට තුල ස්ථාවරත්වයක් ඇති කළ යුතු බවද සදහන් කරයි.
එනිසා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා තමන් කටයුතු කරන්නේ යයිද පවසන ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සදහා සම්බන්ධ සියලූ පිරිස හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් ඉක්මනින්ම අත්අඩංගුවට ගනු ඇතැයිද සදහන් කර ඇත.
COMMENTS