විසි එක් වසරකට ඉහතදී යාපනයේ චෙම්මනි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අපයෝජනය කර මරා දමන ලද සිසු දැරියක් ඇතුළු පිරිස සිහිපත් කොට පසු...

විසි එක් වසරකට ඉහතදී යාපනයේ චෙම්මනි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අපයෝජනය කර මරා දමන ලද සිසු දැරියක් ඇතුළු පිරිස සිහිපත් කොට පසුගිය 7 වැනිදා උතුරේ සමරුවක් පවත්වා තිබේනවා.
උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්සවයේදි මරා දැමු ක්‍රීශාන්ති සහ පිරිස සිහි කරමින් පාසල් සිසුන් 21 දෙනකුට පාපැදි ලබා දී ඇති අතර තවත් සිසු සිසුවියන් 63 දෙනකුට පාසල් උපකරණය ප්‍රධානය කර තිබේ.
1996 සැප්තැම්බර් 7 වැනි දින උසස් පෙළ විභාගය අවසන් කර නිවස වෙත යමින් සිටි ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිසුවිය කයිතඩි හමුදා කඳවුරේ පිරිස් විසින් අත්අඩංගුවට ගෙන අපයෝජනය කර මරා දමන ලදී.
මෙම අපරාධ සම්බන්ධව 1998 වසරේදී අධිකරණය ආරක්ෂක හමුදා නිලධාරීන් 5 දෙනකුට මරණ දඬුවම නියම කළ අතර තවත් 3 දෙනකුට විසි වසරක සිර දඬුවම් ලබා දී තිබුණි.
COMMENTS