ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයකට පෙර පසුගිය කාලයේ සිදු වූ ඝාතන සහ වංචා- දූෂණ නඩු රැසකට අදාළ ව අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයකට පෙර පසුගිය කාලයේ සිදු වූ ඝාතන සහ වංචා- දූෂණ නඩු රැසකට අදාළ ව අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. නීතිපති දෙපාර්තමේන්තුවේ යම් ප්‍රමාදයක් ඇති බව පැවසුණද, ඇමැති ධුර මාරුවෙන් පසු මෙසේ අදාළ නඩුවලට අධිචෝදනා ගොනු කිරීමේ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කරමින් සිටින බව නීිතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
මේ අතරට සුදු වෑන්වලින් අතුරුදන් කිරීම් සහ පැහැරගෙන ගොස් පහරදීම්වලට අදාළ නඩු කිහිපයක් ද ඇතුළත් බවත්, ඊට අදාළ විමර්ශන වාර්තා සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට එවා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ යටතේ ඉදිරියේ දී පසුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රබලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ද පවසා තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ ආන්දෝලනාත්මක නඩු කිහිපයකට සම්බන්ධ බවට සැකපිට පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් සහ ඔවුන්ගේ ඥාතිවරුන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
-ජනිත ප්‍රසාද් සේනානායක
COMMENTS