දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂ යුගයේදී නාමල් ඇතුළු සහචරයින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැටි.
Homeප්‍රවෘත්ති

රාජපක්ෂ යුගයේදී නාමල් ඇතුළු සහචරයින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැටි.

PropellerAds

  මෙම කතාව මෙතෙක් ඉහළට ඒමට නොදී සඟවාගෙන සිටින්නට රාජපක්ෂලා සමත් වුවත් ස්විස් තානාපති කාර්යාලයේ නොපසුබට උත්සාහය නිසාවෙන් නීතීඥ නාමල්ගේ තව...

"මමයි දයාසිරියි ජොයින්ට් ගැහුවෙ එකට...ලංකාවේ ගොන් හරක්ට මේකේ අගය තේරෙන්නේ නෑ" - ආචාර්ය වසන්ත වැලිඅංග (VIDEO)
ෂෙඩ් 400ක් වසා දමයි! මුදල් ගෙවීම් හා තෙල් සැපයුම් ගැටළු!
මුදලිගේ ඉල්ලා හිමිවරුන් යළි කොළඹ වටලන සූදානමක!
රාජපක්ෂ යුගයේදී නාමල් ඇතුළු සහචරයින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැටි.

 

මෙම කතාව මෙතෙක් ඉහළට ඒමට නොදී සඟවාගෙන සිටින්නට රාජපක්ෂලා සමත් වුවත් ස්විස් තානාපති කාර්යාලයේ නොපසුබට උත්සාහය නිසාවෙන් නීතීඥ නාමල්ගේ තවත් එක් නීච ක්‍රියාවක් අවසානයේ හෙළිදරව් විය. එය මෙසේය.

මයිගම්පුර, සීනිමෝදර පදිංචි ජයන්ත ප්‍රේමලාල් වර්ණරත්න ජයසූරිය නම් පුද්ගලයකුට තංගල්ල ප්‍රදේශයේ වෙරළට මුහුණලා පිහිටි අක්කර හතර හමාරක පොල් ඉඩමක් අයිතිව තිබිණි. 1994 වසරේ දී පැමිණි හෑන්ස් රුඩොල්ෆ් නියුරර් (HANS RUDOLF NEURURER) නම් ස්විස් ජාතිකයකු විසින් මෙම ඉඩම 99 අවුරුදු බද්දකට පවරාගෙන තිබේ. ඉන් පසුව තංගල්ල ප්‍රදේශවාසීන් අතර මෙම ඉඩම "ස්විස් වත්ත" නමින් ව්‍යවහාර විය. 

ඉඩම මිලදී ගත් ස්විස් ජාතික හෑන්ස්, තමන් සතු වෙනත් දේපළ විකුණා ලබාගත් මුදල් සහ තමන්ගේ විශ්‍රාම දිවිය සඳහා වෙන්කළ මුදල් යොදවා මෙහි වෙරළ සංචාරක නිකේතනයක් ආරම්භ කළේය. ස්විස් ජාතිකයින් නිතර යන එන තැනක් වශයෙන් එය ව්‍යාපාරිකව ද සාර්ථකත්වයක් අත් කරගත්තේය. 2000 වසරේදී ඔහු මෙම දේපළ අන්තිම කැමති පත්‍රයක් මඟින් සිය බිරිඳ වන සිල්වියා නියුරර් (SYLVIA NEURURER)ට පැවරීය. හදිසියේ ඔහු මෙසේ අන්තිම කැමති පත්‍රය ලිවීම පසුපස ද යම් පටැලැවිල්ලක් ඇතැයි සැක කෙරෙන අතර දැන් ඒ පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වේ. 

කෙසේවෙතත් 2004 වසරේ දී යම්කිසි පිරිසක් විසින් හෑන්ස් රුඩොල්ෆ්ව ඝාතනය කරන ලදී. ඒ, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් වූ අළුතම වූ අතර 'යම්කිසි පිරිස' කවුදැයි තංගල්ලේ ජනතාවට නම් මහා රහසක් වූයේත් නැත. එහෙත් කිසිවකු නීතිය ඉදිරියට කැඳවුණේ නැති අතර නොවිසඳුණු අපරාධයක් ලෙස එය ද ඉතිහාසයට එක්විය. 

සැමියා ඝාතනයට ලක් වූ පසුව ශ්‍රී ලංකාවට පැමිණි සිල්වියා, තංගල්ල දිස්ත්‍රික් අධිකරණයෙහි බූදල් නඩුවක් පවරා අදාල දේපළෙහි හිමිකාරීත්වය ලබා ගත්තාය. එහෙත් තම සැමියාට තිබුණු ජීවිත තර්ජන සහ අවසානයේ ඔහුට අත්වුණු ඉරණම පිළිබඳව මනාව දත් හෙයින් ශ්‍රී ලංකාවෙහි රැඳී සිටිමින් සංචාරක නිකේතනය පවත්වාගෙන යාමේ අදහසක් ඇයට තිබුණේ නැත. ආබාධිත දරුවන් වෙනුවෙන් පිහිටුවා තිබූ "නව ජීවන" නම් ස්විස් ජාතික රාජ්‍ය නොවන සංවිධානයක ආයතනයක් සඳහා ඉඩම බද්දට ලබා දී ඇය යළි තම රටට ගියාය. 

"නව ජීවන" ආයතනයට ආබාධිත දරුවන් වෙනුවෙන් නිදහසේ කැපවන්නට ලැබෙන්නේ වසර කිහිපයක් පමණි. 2007 - 2008 යනු රාජපක්ෂලා තමන් ලත් රාජ්‍ය බලය ඉහළින්ම රසවිඳිමින් සිටි කාලයයි. ඒ කාලයේදී නව ජීවන ආයතනයට කඩා පැන්න නාමල් රාජපක්ෂගේ හෙංචයියන් විසින් එම රාජ්‍ය නොවන සංවිධානය එතැනින් එළවා දමන ලදී. නාමල්ගේ බලයට අභියෝග කළ නොහැකි නිසා සහ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන නීතියක් රටේ නොතිබුණු නිසා රාජ්‍ය නොවන සංවිධානය හකුළාගෙන යද්දී නාමල්ගේ ගෝලයෝ එම ඉඩමෙහි පදිංචි වූහ. 

ඝාතනයට ලක් වූ හෑන්ස්ට අයත් ඉඩමේ බලෙන් පදිංචි වී එම දේපළ බලහත්කාරයෙන් භුක්ති විඳිනා අතර ම නාමල් තංගල්ල අධිකරණයේ නීතීඥයින් යොදවා ඉඩමේ අයිතිය පිළිබඳව විපරම් කර තිබේ. එහිදී ඔහුට හමුවන්නේ ජයන්ත විසින් හෑන්ස්ට ඉඩම පැවරූ 99 අවුරුදු බදු ඔප්පුවයි. 2010 වසර වන විට නාමල්ලා සිටියේ බලයෙන් උමතු වූ තත්වයෙනි. එවන් උමතුවෙන් යුතුව ඉඩමේ මුල් හිමිකරු වන ජයන්ත ප්‍රේමලාල්ව සොයාගන්නා නාමල් නීතියට වෙට්ටු දමනා පොටක් පාදාගනී. 

ඒ අනුව, නාමල් රාජපක්ෂගේ සමීපතම හිතවතෙකු වන මිලේනියම් සිටිහි පදිංචි රණසිංහ ආරච්චිගේ අජිත් චන්ද්‍රලාල් රණසිංහ යන අය විසින් ජයන්ත ප්‍රේමලාල්ට රුපියල් ලක්ෂ 200ක් ගෙවූ බව සඳහන් කරමින් විකුණුම්කරයකින් ඉඩම ඔහුවෙත පවරා ගැනෙන අතර හෑන්ස්ගේ 99 අවුරුදු බදුකරය ගැන සඳහන් පත් ඉරු පවා විනාශ කර දමා ඇත. මෙය නීතියට අනුව කිසිසේත් කළ හැකි කාර්යයක් නොවන මුත් ඒ යුගයේ දී නාමල්ලාට නොකළ හැකි දෙයක් තිබුණේ නැත. 

හෑන්ස් තම සියළුම මුදල් වැයකර ගොඩ නැඟූ ව්‍යාපාරය අයත් දේපළ අහිමි වීමෙන් අසරණ වූ සිල්වියාට කරකියා ගත හැකි දෙයක් තිබුණේ නැත. ඇය එහෙයින් වසර ගණනක් ම නිහඬවම සිටියාය. අවසන 2015 රාජපක්ෂ නින්දිත පාලනය බිඳ දැමුණු පසුව ඇය ස්විස් තානාපති කාර්යාලය හරහා තම අවනඩුව ගැන ජනාධිපති ලේකම් කාර්යාලයටත් අගමැති කාර්යාලයටත් පැමිණිලි කළාය. බලය අහිමිවූවත් රාජපක්ෂලා යනු 'අං ගිලපු අයියලා' බැවින් දෙවසරක්ම යහපාලනය යටතේත් මේ පැමිණිල්ල යට ගසාගෙන සිටින්නට ඔවුන්ට හැකියාව ලැබිණි. එහෙත් ස්විස් තානාපති කාර්යාලයෙන් දිගින් දිගටම කෙරුණු බලපෑම් නිසා අවසන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුගිය සතියේදී මේ ගැන විමර්ශන කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. 

ඒ අනුව, මේ අපරාධය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම් රැසක්ම ඉදිරියේදී සිදුවීමට නියමිතය. ඒ පිළිබඳව ස්විස් තානාපති කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ බහුජාතික සමාගම් රැසක් ද සිටින්නේ තම දැඩි අවධානය යොමු කරගෙනය. 

කලු කෝට් බෑය පටලවාගෙන මාධ්‍ය ඉදිරියේ මරු කියවන 'අධී නීතීඥ' නාමල් රාජපක්ෂගේ කෙරුවාව මේ ආකාරය. රාජපක්ෂ ගැත්තන් දන්නේ නාමල් නීති විභාගයේ දී එක් විෂයක් සඳහා ලබාගත් බව කියන ලකුණු 98 ගැන පමණය. එහෙත් දැන් හෙළිදරව් වන කරුණු අනුව නීතිය කැඩීමේ විෂයේදී නාමල් ලකුණු සීයෙන් සීයම ලබා ඇති ආකාරය නැවත නැවතත් පෙනී යයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂ යුගයේදී නාමල් ඇතුළු සහචරයින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැටි.
රාජපක්ෂ යුගයේදී නාමල් ඇතුළු සහචරයින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැටි.
http://ift.tt/2yzWR0h
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_665.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_665.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy