ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ සහ එම මැතිනියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්...
ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ සහ එම මැතිනියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ව්‍යාපෘතිය ඉදි කිරිම සඳහා නියෝග දුන්නේ යැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අස්සන් සංසන්දනය සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා ඇති බව මුල්‍යය අපරාධ කොට්ඨාසය පවසයි.
නිතිපති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද උපදෙස්වලට අනුව එම අත්සන් මෙසේ අපරාධ වාර්තා කොට්ඨසය යටතේ ඇති ඇඟිලි සළකුණු අංශය වෙත යවා ඇත.
එම සිද්ධියට අදාළව පරීක්ෂණ සිදු කරන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසය එම පරීක්ෂණ අවසන් වීමෙන් පසු වැඩි දුර උපදෙස් සඳහා පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යවා ඇත්තේ මීට මාස හයකටත් පෙර බවද මූල්‍ය වාර්තා කොට්ඨාශය කියයි.
නීති උපදෙස් ලැබීමෙන් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද නිතිපති උපදෙස් මත ප්‍රකාශයක් ලබා ගැනීමටද නියමිත බවද කියයි.
එසේ උපදෙස් ඉල්ලා සිටියදි නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙසේ අත්සන් පරීක්ෂාවට නියෝග ලැබී ඇති බවද පැවසේ.
රාජ්‍ය මුදල් පෞද්ගලික ඉදිකිරීමක් සඳහා වැය කිරීම සම්බන්ධයෙන් මෙම පරීක්‍ෂණය ආරම්භ කර ඇත
මීට වසර කිහිපයකට පෙර ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබියදි එම අධිකාරිය හරහා රුපියල් කෝටි නවයක පමණ මුදලක් ලබාගෙන ඩී. ඒ. රාජපක්ෂ පදනම හරහා එම සොහොන් කොත් ඉදිකිරීම වීරකැටිය ව්‍යාපෘතිය නමින් සිදු කර ඇති බව මුල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි.
මුළ්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණ පැමිණිල්ලක් මත එම කොට්ඨාශයේ නිලධාරී එම ව්‍යාපෘතියට අදාළ ස්ථානය වෙත ගොස් පරීක්ෂා කර බලා අනතුරුව පරීක්ෂණ සිදු කර ඇති බවත් මේ වන විටත් රජයේ මුදල් යොදා එම සොහොන් කොත් හා ඒ අවට පරිසරය අලංකාර කර ඇති බව අනාවරණය වි ඇති බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ඒකකය පරීක්‍ෂණ ආරම්භ කිරීමත් සමඟ ලක්‍ෂ 250ක මුදලක් රජය වෙත ගෙවා ඇති බව හෙළිව තිබේ.
(මුලාශ්‍රය- දිනමිණ)
COMMENTS