එහිදී වැඩිදුරටත් අදහස් දැක්ව්වූ අමාත්‍යවරයා කියා සිටියේ ටිබෙට් ස්‌වයාත්ත කලාපය ගැන ශ්‍රී ලංකාවේ පාඨකයන්ට කියවන්නට අසන්නට ලැබී තියෙන්න...
එහිදී වැඩිදුරටත් අදහස් දැක්ව්වූ අමාත්‍යවරයා කියා සිටියේ ටිබෙට් ස්‌වයාත්ත කලාපය ගැන ශ්‍රී ලංකාවේ පාඨකයන්ට කියවන්නට අසන්නට ලැබී තියෙන්නේ බටහිර කෝණවලින් බලා ලියෑවුණු ඒවා බැවින් මෑත ඉතිහාසයේ ටිබෙටය ගැන සැබෑ චිත්‍රයක් මවා ගැනීමට හැකි පත පොත ශ්‍රී ලංකාවේ බිහි වී නැති බව පෙන්වා දුන් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා, සමන් අතාවුදහෙට්‌ටි නිර්මාණය කළ "සොඳුරු සැරිසර - සක්‌වළ පියස දිගේ" කෘතිය මගින් ටිබෙටයේ සමාජයීය, සංස්‌කෘතික, ආගමික හා දේශපාලන ප්‍රවණතාවන් ගැන මේ පොතෙන් නිවැරැදි චිත්‍රයක් මවා ගත හැකි බව පැවසීය.
චීනයේ බෙයිජිං නුවර වංෂු හෝටලයේ බහුකාර්ය ශාලාවේදී ඊයේ (12 වැනිදා) සමන් අතාවුදහෙට්‌ටි නිර්මාණ කළ "සොඳුරු සැරිසර - සක්‌වළ පියස දිගේ" කෘතිය දොරට වැඩීමේ උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ගයන්ත කරුණාතිලක මහතා තවදුරටත් පැවසුවේ මේ කෘතිය මගින් චීන ජනාධිපති ෂි ජින්පිං මහතාගේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව ද පැහැදිලි අවබෝධයක් ශ්‍රී ලංකා ජනතාවට ලබාගත හැකි බවයි.
චීන කොමියුනිස්‌ට් පක්‍ෂයේ මධ්‍යම කමිටු ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව සංවිධානය කළ දොරට වැඩීමේ උත්සවය සඳහා තානාපතිවරු, කොමියුනිස්‌ට් පක්‍ෂ නිලධාරීහු, ප්‍රකාශන ආයතන හා මාධ්‍ය ආයතන නියෝජිතයන් ඇතුළු චීන සහ ශ්‍රී ලාංකික සම්භාවනීයන් විශාල පිරිසක් සහභාගි වූ අතර, මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසිනි.
COMMENTS