දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පති පොලිස් කොමිසමටත් ඉහළින් ?
Homeප්‍රවෘත්ති

පොලිස්පති පොලිස් කොමිසමටත් ඉහළින් ?

PropellerAds

  'තනතුරට හැඩගැසෙන ආකාරය පිළිබඳ පාඨමාලාව' අවසන් වූ වහාම නව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නව කොට්ටාශ සඳහා පත්වීම් ලබා දෙන බව කීවද නාගහ...

ප්‍රවීණ රංගන ශිල්පී ටයිටස් ඇන්තනී දිවියෙන් සමුගනී.
පොලිස් රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලන පොරොන්දු! - සුනන්ද දේශප්‍රිය
ආදායම් බදු පහත වැටිලා - ආශු මාරසිංහ
පොලිස්පති පොලිස් කොමිසමටත් ඉහළින් ?

 

'තනතුරට හැඩගැසෙන ආකාරය පිළිබඳ පාඨමාලාව' අවසන් වූ වහාම නව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නව කොට්ටාශ සඳහා පත්වීම් ලබා දෙන බව කීවද නාගහමුල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා CIDයෙන් ඉවත්ව යන ආකාරයක් පෙනෙන්නට නොමැත. රවී පීරිස්, ජනක ගුණතිලක, ජගත් පලිහක්කාර, චූලා ද සිල්වා, බී.ආර්. එස්. ආර්. නාගහමුල්ල, එම්. ඒ. ඊ. මහේන්ද්‍ර, එස්. සී. ගලප්පත්ති, ජේ. ටී. ප්‍රියලාල් යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනාට නව තනතුරට හැඩ ගැසෙන ආකාරය පිළිබඳව පාඨමාලාවක් පසුගිය සතියකට ආසන්න කාලයක් පුරා මහජන මුදල් වැයකරමින් ලබා දුන් නමුත් ඔවුන් තනතුරට හැඩගැසෙන ආකාරය උගත් තරම ඊයේ (11) පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට පාටි දැමීමට උත්සාහ කරමිනි. ඒ පිළිබඳ පුවත "විනිසුරුවරුන්ට පාටි දාන්න ගොස් DIG ලා ඇන ගනී !" මැයෙන් ලංකා නිව්ස් වෙබ් අපි ඊයේ පළ කළෙමු. 

පොලිස්පතිවරයා දැනට කරමින් සිටින්නේ තමන්ට අවශ්‍ය දේ මිස පොලිස් කොමිසම විසින් නිර්දේශ කරන දේ නොවේ. මෙතක් කලක් සිටියේ CIDය භාර ‍ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, CID අධ්‍යක්ෂක ලෙස ජ්‍යේෂ්ට පොලිස් අධිකාරීවරයෙක්, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ඔහු යටතේ එක් එක් අංශ සඳහා රජයේ නිවේදිත නිලධාරීන්, ඒ යටතේ ස්ථානාධිපතිවරුන් සහ ඉන්පසු විමර්ශන නිලධාරීන් වශයෙන් තනතුරු බෙදියාමකි. එහෙත් දැන් පොලිස්පතිවරයා විසින් මේ මැදට නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ලව හරස් කරවාගෙන සිටින්නේ CID නව අධ්‍යක්ෂක ශානි අබේසේකරගේ වැඩ කටයුතු වලට අකුල් හෙළීම සඳහා බව පැහැදිලිය. ඔහුට මුල සිටම වුවමනා වූයේ ශානි අබේසේකර මෙම තනතුරට පත්වීම වැළැක්වීමට බව අපි මීට පෙර වාර්තා කළෙමු. 

එසේම පොලිස්පති පූජිත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ ද (FCID) බලය බිඳීම සඳහා ක්‍රියා කළේය. ඔහු ඒ සඳහා කළේ එහි එතෙක් සිටි අධ්‍යක්ෂකවරයා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර මාරු කිරීමය.

කෙසේ වෙතත් මේ සියල්ල දෙස බලන විට පැහැදිලිවම පෙනෙන්නේ පොලිස්පති පූජිත් තම තනතුරට නිසි ලෙසින් හැඩගැසී නොමැති බවය. ඔහුට ඉහළින් නිලධාරියකු පොලිසිය තුළ නොමැති නිසා එය ඉගෙන ගැනීමට අවස්ථාවක් ඔහුට නොලැබුණා වන්නට ද පුළුවන. එහෙයින් දැන් පොලිස් කොමිසම විසින් වහාම කළ යුතුව ඇත්තේ පොලිස්පති තනතුරට හැඩ ගැසෙන ආකාරය පිළිබඳව පාඨමාලාවක් පූජිත ජයසුන්දරට ලබා දීමය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පති පොලිස් කොමිසමටත් ඉහළින් ?
පොලිස්පති පොලිස් කොමිසමටත් ඉහළින් ?
http://ift.tt/2gZnDLd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_569.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_569.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy