දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝහින්ග්‍යා අනාථයන් වෙනුවෙන් ආධාර එකතු කරන බංග්ලාදේශයේ බෞද්ධයෝ.
Homeප්‍රවෘත්ති

රෝහින්ග්‍යා අනාථයන් වෙනුවෙන් ආධාර එකතු කරන බංග්ලාදේශයේ බෞද්ධයෝ.

PropellerAds

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව බරපතල මානව හිමිකම් උල්ලංඝන සිදු කරන බවට මියන්මාර හමුදාවට චෝදනා එල්ලවෙමින් පවතින අතරවාරයේ ප්‍රකාශයක් කරන...

අපේ එකගතාවකින් තොරව ගෝඨා අපේක්‍ෂක කලේ ශ‍්‍රීලනිපයේ සහාය නෑ - මහ ලේකම්
සියල්ලන්ට ඉවත් වන්නැයි දන්වයි - හතුරුසිංහ යලිත් බංග්ලාදේශ පුහුණුකරු වෙයි !
සියල්ලන්ට ඉවත් වන්නැයි දන්වයි - හතුරුසිංහ යලිත් බංග්ලාදේශ පුහුණුකරු වෙයි !

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව බරපතල මානව හිමිකම් උල්ලංඝන සිදු කරන බවට මියන්මාර හමුදාවට චෝදනා එල්ලවෙමින් පවතින අතරවාරයේ ප්‍රකාශයක් කරන එක්සත් ජාතීහු, සිය නියෝජිතයන්ට කිසිදු බාධාවකින් තොරව මියන්මාරයේ සියලුම ප්‍රදේශවල සංචාරය කිරීමේ අවස්ථාව හිමිවිය යුතු බව අවධාරණය කරති.

මියන්මාර හමුදා මෙහෙයුම්වලින් බේරීම පිණිස හාර ලක්ෂයකට අධික රෝහින්ග්‍යා වැසියන් පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පළා ගොස් සිටිති.

ගැටුම් නැවැත්වීම සඳහා මැදිහත් නොවන බවට බරපතල ජාත්‍යන්තර විවේචනවලට මුහුණ දෙමින් සිටින මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී අඟහරුවාදා (සැප්තැම්බර් 19) සිය දීර්ඝ නිහැඬියාව බිඳිමින් ජාතිය අමතා අදහස් දැක්වීය.

රෝහින්ග්‍යා ජනතාව බංග්ලාදේශයට පළා යන්නේ මන්දැයි තමන් නොදන්නා බව එහිදී සඳහන් කළ ඇය, ගැටුම් පවතින රඛයින් ප්‍රාන්තයේ සංචාරය කිරීමට රාජ්‍යතාන්ත්‍රිකයන්ට බාධාවක් නොමැති බව ද කියා සිටියාය.

එයින් අනතුරුව ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය, මානව හිමිකම් උල්ලංඝන චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස බාධාවකින් තොරව රඛයින් ප්‍රාන්තයේ සංචාරය කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියාය.

මේ අතරවාරයේ ප්‍රකාශයක් කරන බංග්ලාදේශයේ ප්‍රධානම බෞද්ධ සංවිධානයක්, මියන්මාරයේ රෝහින්ග්‍යා වැසියන් මුහුණ දී සිටින ඉරණම හේතුවෙන් සිය රටේ වෙසෙන බෞද්ධයන්ගේ දෙවැනි විශාලතම උත්සවය මේ වසරේ නොපැවැත්වීමට තීරණය කරන ලද බව නිවේදනය කළේය.

වෛවර්ණ 'ෆනුෂ්' පහන් කූඩු ගුවනේ පාකරමින් වාර්ෂිකව පවත්වන 'ප්‍රබරණ පූර්ණිමා' උළෙල නොපවත්වා, ඒ සඳහා වැයවන මුදල් සහ බෞද්ධයන්ගෙන් තවත් ආධාර එකතු කොට එම මුදල් රෝහින්ග්‍යා අනාථයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යෙදවීමට තීරණය කරන ලද බව බංග්ලාදේශ එක්සත් බෞද්ධ සංසදයේ සභාපති අශෝක් බරුවා පැවසීය.

"මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට විරුද්ධව කෙරෙන පීඩාවන්ට විරෝධය පළ කිරීම සඳහා මේ අවුරුද්දේ ප්‍රබරණ පූර්නිමාව අවලංගු කරන්න අපි තීරණය කළා," ඔහු සඳහන් කළේය.

මිලියන 162 ක ජනගහනයක් වෙසෙන බංග්ලාදේශයේ බහුතර ජනතාව ඉස්ලාම් භක්තිකයන් වන අතර මිලියන 2.5 ක් පමණ බෞද්ධයෝ ද එහි වාසය කරති. එය රටේ ජනගහනයෙන් 1.5% කට ආසන්න ප්‍රතිශතයකි.

එම බෞද්ධයන් නියෝජනය කරන බොහෝ සංවිධාන තිබෙන අතර, ඒ අතරින් ප්‍රධානම බෞද්ධ සංවිධාන තුන ඒකමතිකව මෙම තීරණයට එළඹුණු බවත් අශෝක් බරුවා පැවසීය.

"අපි බෞද්ධයෝනේ. අපිට මේ වගේ කෘර වැඩවලට සහාය දෙන්න බෑනේ. ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ මාර්ගය අනුගමනය කරමින් මේ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් සොයා ගන්න කියල මියන්මාරයෙන් අපි ඉල්ලා සිටිනවා."

මියන්මාරයේ පවතින තත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් ඇතුළු ක්‍රියාකාරීන් විරෝධතා දක්වන අතරවාරයේ, රෝහින්ග්‍යා සන්ද්ධ කණ්ඩායම් මියන්මාරයේ බෞද්ධ ජනතාවට එරෙහිව ප්‍රහාර දියස් කරන බව පවසමින් ශ්‍රී ලංකාවේ ඇතැම් බෞද්ධ කණ්ඩායම් ද විරෝධතා දක්වමින් සිටිති.

මියන්මාරයේ බෞද්ධ ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ලවන බව පැවසෙන වාර්තා තමන්ට ද දකින්නට ලැබුණු නමුත් එවැනි ඇතැම් වාර්තා දක්නට ලැබුණු නමුත් මියන්මාරයේ ජනවර්ග අතර ගැටුමක් පවතින්නේ යයි තමන් විශ්වාස නොකරන බව බංග්ලාදේශ එක්සත් බෞද්ධ සංසදයේ අශෝක් බරුවා පැවසීය.

"මේක ජනවර්ග අතර ගැටුමක් හෝ ජන කණ්ඩායම් දෙකක් අතර ගැටලුවක් කියල අපි හිතන්නේ නෑ."

පසුගියදා කොළඹ පිහිටි මියන්මාර තානාපති කාර්යාලය වෙත ගොස් තානාපතිවරයා මුණගැසුණු ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් "මියන්මාරයේ බෞද්ධයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය" ලෙසින් ඔවුන් විග්‍රහ කළ තත්වය හෙළා දැක තිබුණි.

අමාත්‍ය වසන්ත සේනානායක

රෝහින්ග්‍යා ජනතාව සම්බන්ධ ගැටලුව "ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගන්නා" මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව මේ අතර මියන්මාර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම සිය රටේ ජීවත්වෙන සියලුම වාසීන් ගේ අයිතිවාසිකම් රැකගන්නා මෙන් මියන්මාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියා සිටියේය.

රඛයින් ප්‍රාන්තයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සරණාගතභාවය පතා මියන්මාර රෝහින්ග්‍යා වැසියන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව ඇඟවෙන ආකාරයේ ඡායාරූප සහ එවැනි සූදානමක් පවතින බවට සමාජ ජාල ඔස්සේ ප්‍රචාරයක් ගෙන යනු දක්නට ලැබේ.

එවැනි ප්‍රචාර හේතුවෙන් මියන්මාර ජාතිකයන් වෙත සංචාරක වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

(බීබීසී සිංහල සේවය)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝහින්ග්‍යා අනාථයන් වෙනුවෙන් ආධාර එකතු කරන බංග්ලාදේශයේ බෞද්ධයෝ.
රෝහින්ග්‍යා අනාථයන් වෙනුවෙන් ආධාර එකතු කරන බංග්ලාදේශයේ බෞද්ධයෝ.
http://ift.tt/2jImuIP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_566.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_566.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy