CID අධ්‍යක්ෂක තනතුරට මෙවන් සිල්වා පත් කිරීමට උත්සාහ කරන්නේ තමන් බවට සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණය වී ඇති බවත් එහෙත් තම...
CID අධ්‍යක්ෂක තනතුරට මෙවන් සිල්වා පත් කිරීමට උත්සාහ කරන්නේ තමන් බවට සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණය වී ඇති බවත් එහෙත් තමන් ඊට සම්බන්ධ නොමැති බවත් පොලිස්පතිවරයා පවසා ඇත. මෙවන් සිල්වා දක්ෂ නිලධාරියකු බවත් තමනුත් පුද්ගලිකව ඔහුට කැමති බවත් ප්‍රකාශ කර ඇති පොලිස්පති වරයා එහෙත් තමන් මෙවන් සිල්වාගේ නම පමණක් අදාල තනතුර වෙනුවෙන් පොලිස් කොමිසම වෙත නිර්දේශ කර යැව්වේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත බව පවසා තිබේ. එසේම දැන් එහි සම්පූර්ණ වගකීම සමාජය ඉදිරියේ තමන්ට භාරගැනීමට සිදුව ඇති බවත් එය අසාධාරණ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
එසේම ගියවර පොලිස් කොමිසම රැස්වන අවස්ථාවේදී තමන් ඊට සහභාගී නොවුණේ ද මේ හේතුව නිසා බවත් තමන්ට මෙවන් සිල්වා වෙනුවෙන් පෙනී සිටීමට වුවමනාවක් නොමැති බවත් පවසා ඇති පොලිස්පතිවරයා පොලිස් කොමිසම විසින් කැමති තීරණයක් ගනු ඇතැයි ද කියා ඇත.
කෙසේ වෙතත් හෙට (7) පොලිස් කොමිසම රැස්වී CID අධ්‍යක්ෂක ධුරය පිළිබඳව තීන්දුවක් ගැනීමට නියමිතය. ඒ අනුව තනතුර හිමිවන්නේ ශානි අබේසේකරටද මෙවන් සිල්වාටද යන්න හෙට තීරණය වනු ඇත.
සබැඳි පුවත් -
COMMENTS