මෙන්ඩිස් සමාගම අති විශාල සුරාබදු වංචාවක නියැළෙන බවත් ඊට වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ද සම්බන්ධ බවත් වාර්තා වේ. මෙන්ඩිස් සමාගම ද...
මෙන්ඩිස් සමාගම අති විශාල සුරාබදු වංචාවක නියැළෙන බවත් ඊට වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ද සම්බන්ධ බවත් වාර්තා වේ.
මෙන්ඩිස් සමාගම දිනකට රා ලීටර් 125,000ක් එනම් බැරල් 50ක් නිශ්පාදනය කරන නමුත් ඔවුන් බදු සඳහා පෙන්වා සිටින්නේ දිනකට ලීටර් 17,500ක් එනම් බැරල් 7ක් පමණකි. ඉතිරි ලීටර් 107,500ක් එනම් බැරල් 43ක් ම සුරාබදු නොගෙවා වංචා කරනු ලැබේ. මෙසේ වංචා කෙරෙන ප්‍රතිශතය සමස්ත නිශ්පාදනයෙන් 86%කි. ඒ අනුව වාර්ෂික නිෂ්පාදිතය සලකා බැලීමේදී ඔවුන් සුරාබදු නොගෙවා මඟ හරින ප්‍රමාණය රුපියල් බිලියන ගණනකි.
මෙවන් අති විශාල බදු වංචාවක නියැළීමට මෙන්ඩිස් සමාගමට මෙතෙක් හැකියාව ලැබී තිබෙන්නේ වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම ගේ සහාය ද ඔවුන්ට ලැබෙන නිසා බවත් බෝදරගමට ද සමාගමෙන් මාසිකව සැලකිය යුතු මුදලක් අත යටින් ලැබෙන බවත් අප වෙත වාර්තා වේ.
මෙන්ඩිස් සමාගමෙහි වත්මන් හිමිකරු වන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකට ව්‍යාපාරික අර්ජුන් ඇලෝෂියස් ය.
(LNW)

COMMENTS