දකුණු පළාත් යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, නිවාස හා ඉදිකිරීම්, ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා අදාල අමාත්‍යධූරයෙන් ඉවත් කර ඇත...
දකුණු පළාත් යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, නිවාස හා ඉදිකිරීම්, ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා අදාල අමාත්‍යධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. අදාල අමාත්‍යධූරයේ වැඩබැලීම සඳහා ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් මහතා අද (13) පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දේශපාලන හේතු නිසා වීරසුමන වීරසිංහ මහතා බවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාවට එරෙහිව ඔහු කරුණු දැක්වූ අතර ශ්‍රීලනිපයේ මතයට එරෙහිව යමින් යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ද කටයුතු කළේය.
මේ අතර බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, සභානායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කර තිබේ.
පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි,සභානායක ලෙස හෙක්ටර් බෙත්මගේ සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති ලෙස සුමිත් සොයිසා යන මහත්වරුන් පත්කර තිබේ.
මෙරිල් පෙරේරා මහතා සඳහන් කළේ විසිවැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශකිරීම හේතුවෙන් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් තනතුරුවලින් ඉවත් කර ඇති බවයි.
විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසකට නව තනතුරු ලබාදී ඇති බවද හෙතෙම කීවේය.
COMMENTS