දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද - සිරි ගමගේ
Homeප්‍රවෘත්ති

විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද - සිරි ගමගේ

PropellerAds

පවතින පාලන ක්‍රමය විසින් තමන් වෙත දායාද කරන ලද නිෂේධනීය අත්දැකීම් අනුසාරයෙන් උපන් ජනතා හැඟීම් ප්‍රකාශයට පත්කිරීම සඳහා පසුගිය මැතිවරණය හරහ...

මහින්දාන්නද මරන්න කෙහෙළිය උත්සහ කළ නඩුවට දින නියම වෙයි!
හිටපු ජනපති ගෝඨාභයගේ කාමරයේ තිබී හමුවූ මිලියන 18ක මුදල ගැන විමර්ශන නවතයි!
රටේ ප්‍රශ්න කතා කරන්න පාරට බැස්ස පේරාදෙණි සිසුන්ට පොලිසියෙන් පන්න පන්නා බැටන් පොලුවලින්-කඳුළු ගෑස්වලින් ගහපු වීඩියෝව එළියට එයි (VIDEO)
විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද - සිරි ගමගේ

පවතින පාලන ක්‍රමය විසින් තමන් වෙත දායාද කරන ලද නිෂේධනීය අත්දැකීම් අනුසාරයෙන් උපන් ජනතා හැඟීම් ප්‍රකාශයට පත්කිරීම සඳහා පසුගිය මැතිවරණය හරහා අවස්ථාවක් සැලසීම වූ කලී, ජනතාවට ලැබුණු මහත් වූ භාග්‍යයකි. රටේ මෙන්ම ජාතියේත්, අභාග්‍ය සම්පන්න ජනතාවගේත් අවශ්‍යතා වෙනුවෙන් සැබවින් කැප වූ, කැපී පෙනෙන නායකයන් වූ අනගාරික ධර්මපාල සහ ආරියරත්න වැනි පුද්ගලයන් වෙනුවට, වර්ණය පමණක් වෙනස්, ලස්සණ වචන පමණක් ගත්, සති කිහිපයකට පමණක් වීරයන් වන නායක පිරිසකගෙන් තමන් තෝරා ගත් නියෝජිතයන් සමන්විත වූ බව 2015 ජනවාරියේ ජනතාව දැන සිටියේ නැත. ජනතාව තුළ පැසවමින් තිබූ බරපතල සැකසාංකා, දෙවසරක් ඇවෑමෙන් දැන් සත්‍ය වෙමින් පවතී. පසුගිය මාස කිහිපයේ මාධ්‍ය තුළ මේ තොරතුරු මොනවට වාර්තා කෙරුණි. මේ දේශපාලන නාටකයේ හෙවත් රජවාසල කුමන්ත්‍රණයේ නවතම අංගය වන්නේ, විජයදාස රාජපක්ෂ සම්බන්ධ සිද්ධියයි.

මේ නාටකය හරහා මතු වන අතිශය වැදගත් කාරණය වන්නේ, ඔහු වනාහී, විවිධ පරීක්ෂණ අංශ මගින් අවසන් කළ ලිපිගොනු රාශියක් නීතිපති දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී තිබෙන තත්වය තුළ, ඒවා කඩිනම් කිරීමට පියවර නොගැනීම හරහා, පසු ගිය රජයේ දූෂිතයන්ගේ ආරක්ෂකයා වූයේ ද, එසේ නැතහොත්, ජනාධිපතිවරයා විසින් අස් කරනු ලැබීමෙන් පසුව ඔහු කී පරිදි, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා වුයේ ද යන්නයි. ඒ කාරණය යථා කාලයේදී ජනතාවගේ සැලකිල්ලට ලක්වනු ඇත. කෙසේ වෙතත්, දූෂණ-විරෝධී සටන්කරුවෙකු පිළිබඳ මහජන විශ්වාසය ගොඩනැගෙන්නේ, එසේ කියන තැනැත්තාගේ කෙරුවාව මත පමණක් බව දැනට සටහන් කොට තැබීම සෑහේ. මහජන සුභසිද්ධිය වෙනුවෙන් තමන් මැදිහත්වූ ඇතැම් සිදුවීම් තුළින් රජයේ දේපළ කෙරෙහි සෙතක් සැළසුණු බවට ඔහු ගෙනහැර දක්වන ඇතැම් හේතු කාරණා වැදගත් කොට සැළකිය යුතු වෙතත්, දූෂණ-විරෝධී නඩු විභාග කඩිනම් නොකිරීම වනාහී අධිකරණයට ඇඟිලි නොගැසීමක් වශයෙන් ගෙනහැර පෑමට ඔහු ගන්නා ප්‍රයත්නය ජනතාවට විශ්වාස කළ නොහේ. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොකර සිටීම අපට සැළකීමට සිදුවන්නේ, ‘යහපාලන’ ආණ්ඩුවේ උසස් තැන්වලින් ලත් ආශීර්වාදයකින් කළ දෙයක් වශයෙනි. එසේ නොමැතිව, සමස්ත රටම, අඩු වශයෙන් 65 ලක්ෂයක් ඡන්දදායකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් නිරතුරුව ඉල්ලා සිටියදීත්, එවැනි ස්ථාවරයක පිහිටා කටයුතු කිරීමට වසර දෙකක් තිස්සේම ඔහුට තනියෙන් හැකි වුණේ කෙසේද යන්න ප්‍රශ්නයක් වන්නේය.

ඒ අනුව ගත් විට මේ සමස්ත නාටකයෙන් නිරූපණය වන්නේ, තනි පුද්ගලයෙකුගේ අසමත් භාවයකට වඩා, යහපාලන ආණ්ඩුවේ ජන්ම ව්‍යාධියක් පිළිබඳ කතාවකි. වැඩියත්ම එය පැහැදිළි වන්නේ, මහ බැංකු බැඳුම්කර වංචාව සහ රවී කරුණානායක සිද්ධිය වැනි කරුණු ගැන සළකා බැලීමේදී ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පමණක් නොව, ඕස්ටේ්‍රලියාවේ හෝ ඇමරිකාවේ පවා දේශපාලනය තුළත් ඇති වන විවිධ අක්‍රමිකතාවන්හි මූලය පුද්ගලයන් මත ලඝු කිරීමේ ප්‍රවණතාවක් දැක ගත හැකිය. එහෙත් පුද්ගල අසමත් භාවයකට වඩා, පවතින ක්‍රමයේ වරදක් නිසා මෙවැනි තත්වයන් ඇති වන බව අප තේරුම් ගත යුතුය. කැබිනට් මණ්ඩලයේ සහායකින් තොරව අධිකරණයේ ස්වාධීනත්වයක් තනි ඇමතිවරයෙකුට කෙසේ නම් ස්ථාපිත කළ හැකි වේද? යුක්තිය කඩිනම් නොකිරීම හෝ අවශ්‍ය පරිද්දෙන් මැදිහත් නොවීම ගැන තනි ඇමතිවරයෙකුට කෙසේ නම් දොස් නගන්නද? ඇමති මණ්ඩලයේ එක්සත් භාවය සහ සාමුහිකත්වය මෙවැනි කරුණු සම්බන්ධයෙන් ද වැදගත් වන්නේය. අමාත්‍ය මණ්ඩලයට හෙවත් විධායකයට ඇත්තෙන්ම යම් වෙනසක් අවශ්‍ය විණි නම්, මීට බොහෝ කලකට පෙර අමාත්‍ය මණ්ඩලය එම තීරණය ගත යුතුව තිබුණි. එසේ විණි නම්, විෂය භාර ඇමතිවරයා එවැනි තීරණයකින් බැඳී සිටිනු ඇත්තේය. මෙසේ ඡන්දයෙන් තෝරා ගත් හෝ නාමකරණයෙන් පත්කර ගත් නියෝජිතයන්ගේ දූෂිත ක්‍රියා ශ්‍රී ලංකාව වැනි රටකදී විශේෂ වැදගත් කමක් දරයි. මන්ද යත්, ශ්‍රී ලංකාව වැනි රටක සමස්ත ආර්ථිකය දුවන්නේ ඉහළ පොලී අනුපාතිකයන් මත ලබාගන්නා ලද අධික ණය කන්දරාවක් මත වීම නිසා ය. එසේ ණයට ගත් මුදල්වලින් තොරව කිසි වැදගත් දෙයක් කිරීමට හැකියාවක් නැති තත්වයකට ලංකාව පත්ව තිබේ. මෙය, අපට වැළඳී ඇති නූතන රෝගයක් මෙනි. දේශප්‍රේමී ජාතියක දේහ ලක්ෂණයක් මෙනි. එහෙත් එසේ ණයට ගන්නා මුදල්වලට සහ බදු මාර්ගයෙන් උපයා ගන්නා මුදල්වලට වෙන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. ඒ මුදල්වලින් සැබෑ වැඩවලට සහ ව්‍යාපෘතිවලට ඇත්ත වශයෙන්ම කොපමණ මුදලක් වැය වන්නේ ද, එම මුදල්වලින් කොපමණ ප්‍රමාණයක් උපදේශන සේවා සඳහා වැය කරන්නේ ද යන ප්‍රශ්න, මේ ගැන සැලකිලිමත් වන සහ දැනුම් තේරුම් ඇති කොටස් අතරේ නිතර කතාබහට ලක්වෙයි.

පොලිය සහ ණය මුදල් ආපසු ගෙවීම දුෂ්කර වන විට, විදෙස්වලට රටේ පොදු දේපළ විකිණීමට හෝ බදු දීමට සිදු වෙයි. ණය උගුලේ සිර වී සිටින රටක් වශයෙන්, මේ වන විට ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර ප්‍රශ්න රාශියකට මුහුණදී සිටී. එසේ වෙතත්, දේශපාලන සංස්කෘතිය නොවෙනස්ව පෙර පරිදිම පවතින නිසා, තමන්ගේ වාසිය තකන, තමන්ගේ පවුල් තර කර ගැනීමටම පේ වී සිටින දේශපාලඥයන් සහ නිලධාරීන් ද, ඔවුන්ට සහාය වන කළමණාකාර පංති ද නිසා, රට කැරැවීම ලෙහෙසිපහසු කාර්යයක් නොවේ. මන්ද යත්, එම තත්වය තුළ, ඉතා වියදම්කාරී සහ නාස්තිකාරී පුරුදුවලට ඇබ්බැහිව සිටින දේශපාලනික සහ කළමණකාර පංතියකට සේවය කිරීම සඳහා සමස්ත ක්‍රමය සකස්ව ඇති බැවිනි. විටෙක මේ පුරුද්ද, දූෂණයට නෑකම් කියයි. ඊට අනිත් පැත්තෙන්, සමාජයීය වශයෙන් යුක්ති සහගත වූත්, ආර්ථික වශයෙන් සහ සුභසාධනමය වශයෙන් කාර්යක්ෂම වූත්, යහපාලනයක් ඉල්ලා සිටින බහුතර ජනකායකගේ අවශ්‍යතා තිබේ. ජාත්‍යන්තර වශයෙන් ණය උගුලක සිර වී සිටින ආණ්ඩුවකට මේ දෙපාර්ශ්වයේම කාර්යයන් එක විට ඉෂ්ට කළ නොහේ. එක පැත්තක අවශ්‍යතා වෙනුවෙන් වැඩියෙන් පේ වෙන විට (සුඛෝපභෝගී රථවාහන), අනිත් පැත්තේ අවශ්‍යතා පස්සට යයි. ඒ දෙපැත්ත තුලනය කර ගැනීම පහසු නැත. දේශපාලනික බලවේග විසින් බැඳ දමන ලද ජනාධිපතිවයෙකුට, ඔහු මොන තරම් ජනහිතකාමී වුවත් ඒ කාර්යය කළ නොහේ. එවැනි තත්වයක් තුළ ලංකාව අද පත්ව ඇති තත්වය, සිංහල කියමනකින් විස්තර කළොත්, ‘ගෙදර ගියොත් අඹු නසී- මග සිටියොත් තෝ නසී’ වැනි තත්වයකි.

වර්තමාන ණය උගුලෙන් නිදහස් වීමට නම්, දූෂණවලට සම්බන්ධ නඩු විභාගවලට යොමු වීම සහ යම් ඇමතිවරයෙකු හෝ දෙන්නෙකු තාවකාලිකව ඉවත් කිරීමට එහා වන වැඩ පිළිවෙලකට යා යුත්තේය. රෝග නිධානයට ආමන්ත්‍රණය කෙරෙන ආර්ථික ප්‍රතිපත්තියක් ඒ වෙනුවෙන් මුලින්ම සකසා ගත යුතුව ඇත. ඒ සමගම, විදේශ ව්‍යාපෘති සඳහා වන මුදල් මතම පරායත්ත වීම පිටුදකින ආකාරයේ ජාතික සමාජ උපාය මාර්ගයක් සකසා ගත යුතුව ඇත. 50 සහ 60 දශකයේ මා දකුණේ පිටිසරක පාසල් යන ශිෂ්‍යයෙකුව සිටි අවදියේ, වතුර සඳහා ළිං කැපීම, පාරවල් තැනීම සහ පන්සල් තැනීම ආදී කටයුතු සඳහා ශ්‍රමදාන පැවතියේය. ඒ පුරුද්ද නැවත භාවිතයට ගත යුතුව තිබේ. අඩු වශයෙන් මධ්‍යම අධිවේගයේ එක කොටසක්වත්, දේශීය නිපුණතාවන් සහ දේශීය ධන ආයෝජනය සමග ශ්‍රමදානයත් මුසු කරගෙන කළ නොහැක්කේ ඇයි? මේ සියල්ලටමත් වඩා, පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව මේ කිසිවක් සාර්ථක කර ගැනීමේ හැකියාවක් නැති බවත් අප තේරුම් ගත යුතුය. (එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට කලින් සරත් ෆොන්සේකා මේ බව බොහෝ විට අවධාරණය කොට ඇත). දේශපාලඥයන් සහ ඔවුන්ගේ හෙංචයියන් මහජන සේසත ගසාකෑමට කලින් එය වැළැක්වීම, එසේ ගසාකෑමෙන් පසු නීතිය ක්‍රියාත්මක කිරීමට තැතනීමට වඩා ප්‍රයෝජනවත් වන්නේ, විශේෂයෙන්ම එවැන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඉහත පැහැදිළි කළ සෝමාරි කම නිසා ය. මෙහිදී, නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්නයත් අප ඉදිරියේ දිග හැරේ. මෙය, පසුගිය වසර 70 ක කාලය තිස්සේ අපේ අවධානයෙන් මගහැරී ගොස් ඇති තවත් ප්‍රශ්නයකි. විජයදාස රාජපක්ෂ ඉවත් කරනු ලැබූ ආකාරය බොහෝ දෙනාගේ නොමද සතුටට හේතුවක් වෙතත්, එය, මේ ජාතික උභතෝකෝටිකයේ ආරම්භයවත් අවසානයවත් නොවන්නේය. දේශපාලනය තුළ දක්නට ලැබෙන මෙවැනි විචිත්‍ර ක්‍රියාවන් හරහා රටේ ඡන්දදායකයා තුළ අනේක සොම්නස් තාවකාලිකව ඇති කළ හැකි වෙතත්, එම විචිත්‍ර දර්ශනය අවසන් වීමෙන් පසු පරණ නාටකයම දිගටම රංගගත කෙරේ. එබැවින් අද අප මුහුණදෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩ ඒම සඳහා ඊට වඩා සංකීර්ණ විසඳුම් අවශ්‍ය කෙරේ. සමාජයේ දැනුවත් කොටස් විසින් යම් ක්‍රමවත් ආකාරයකින් ඒ ගැන අවධානය යොමු කොට, ප්‍රශ්නයේ ප්‍රතිවිපාකවලට එරෙහිව නැගී සිටින ගැම්මෙන්ම ප්‍රශ්නයේ හේතු මූලයන් දුරලීම සඳහාත් අවශ්‍ය විසඳූම් සොයාගත යුතුව ඇත්තේය. තව සති කිහිපයක් හෝ මාස කිහිපයක් ඇතුළත විජයදාස රාජපක්ෂ නැවතත් දේශපාලනික කරලියට පැමිණෙනු ඇත. එහෙත් සමාජයේ අතලොස්සකගේ මිස බහුතරයේ සුභ සිද්ධිය තකා යමක් නොකෙරෙන ක්‍රමයක් තුළ, නැති බැරි එකා එදාටත් මේ අරගලයේම නිරත වනු ඇත.

2017 අගෝස්තු 25 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු  Wijeyadasa Rajapakshe: Protector of the Corrupt Or Anti-Corruption Crusader නැමැති ලිපියේ සිංහල පරිවර්තනය   ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද - සිරි ගමගේ
විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද - සිරි ගමගේ
http://ift.tt/2vnITR9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_552.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_552.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy