දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ නිලධාරීන්ගේ මුද්‍රා හොරට හදලා!
Homeප්‍රවෘත්ති

රජයේ නිලධාරීන්ගේ මුද්‍රා හොරට හදලා!

PropellerAds

  ගව සොරකමක් සම්බන්ධයෙන් වු නඩුවකට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු වී සිටි එම සැකකරු අත් අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ අත් බෑගය පරීක්ෂා කිරීම...

සිංහලයන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයේ.. හේමාස්, බ‍්‍රැන්ඩික්ස්, මාස් වැනි මුස්ලිම් ව්‍යාපාර අප රැකගත යුතුයි
වසීම් තාජුඩීන් ඝාතනය : තොරතුරු වසන් කල හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නඩු දමයි
සහරාන් හෂීම් සමග සම්බන්ධකම් පැවැත්වූ 05 දෙනෙක් අත්අඩංගුවට
රජයේ නිලධාරීන්ගේ මුද්‍රා හොරට හදලා!

 

ගව සොරකමක් සම්බන්ධයෙන් වු නඩුවකට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු වී සිටි එම සැකකරු අත් අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ අත් බෑගය පරීක්ෂා කිරීමේදී මෙම සැකකටයුතු භාණ්ඩ හමුව ඇත.

හොරට සාදා තිබූ නිල රබර් මුද්‍රා අතර වැලිගම නගරාධිපති, නගර සභා ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ගේ, නීතිඥවරුන්ගේ ආදී වැදගත් නිලධාරීන්ට අයත් ඒවා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ඒ බව දැන ගැනීමත් සමග මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ රංජිත් රත්නායක මහතා ඇතුළු පිරිසක් ද අකුරැස්ස පොලීසිය වෙත පැමිණ තිබුණු අතර තමන්ගේ නම් වලින් සාදා ගන්නා ලද රබර් මුද්‍රා කුමන කටයුතු සදහා යොදා ගෙන ඇත්ද යන්න විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඔවුන් පොලීසියට නියෝග කළේය.

එම රබර් මුද්‍රා උපයෝගී කර ගෙන සැකකරු විසින් කූඨ ලෙස සකසන ලද ඉඩම් ඔප්පු,පිඹුරුපත්,වරිපනම් සහතික ආදී ලියකියවිලි කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

අනුරාධපුරය, අවිස්සාවේල්ල, ගනේමුල්ල, බලංගොඩ, හොරණ, මාතර, අකුරැස්ස ආදී ප්‍රදේශ වල තාවකාලිකව නැවතී ඔහු මෙම ජාවාරම කර ගෙන ගොස් තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබෙන බව සඳහන්.

තවද එම සැකකරු භාවිතා කල ව්‍යාජ ජාතික හැදුනුම්පත් ද පොලීසිය සොයා ගෙන ඇත.

දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු.ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ අකුරැස්ස සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.සේනානායක මහතාගේ මෙහෙයවීම මත අකුරැස්ස පොලීසියේ ස්ථානාධිපති අජිත් නිශ්ශංක, උපන් පොලිස් පරීක්ෂක රණතුංග,කොස්තාපල්වරුන් වන 34527 ජයවර්ධන,60896 ඉෂාක්,68104 සංජීව හා 4723 සුරංගී යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා

 

- වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ නිලධාරීන්ගේ මුද්‍රා හොරට හදලා!
රජයේ නිලධාරීන්ගේ මුද්‍රා හොරට හදලා!
http://ift.tt/2w0vXfM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_372.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_372.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy