දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසීම් තාජුඩීන් ඝාතනය : තොරතුරු වසන් කල හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නඩු දමයි
Homeප්‍රවෘත්ති

වසීම් තාජුඩීන් ඝාතනය : තොරතුරු වසන් කල හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නඩු දමයි

PropellerAds

හි ටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාවට නීතිපතිවරයා විසින් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර ස...

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාවට නීතිපතිවරයා විසින් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත. වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාල තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.

2012 වර්ෂයේ මැයි මස 17 දා රගර් ක්‍රීඩක  වසීම් තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේ සිය මෝටර් රථයෙන් ගමන් කළ අවස්ථාවේ අනතුරක් සිදු වූ ආකාරයට මිය ගොස් තිබුණි. කෙසේවෙතත් එම මරණය මිනීමැරුමක් බවට මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී හෙළි විය. ඒ අනුව එම මරණයට වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරන ලදියි.

ඒ අනුව ඔහුගේ මරණයට අදාළව තොරතුරු වසන් කිරීමේ චෝදනාවට හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති  සුමිත් චම්පික පෙරේරා සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ව පසුව ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා .

කෙසේවෙතත් නීතිපතිවරයා මහාධිකරණයේ නඩු පැවරීම සිදු කර ඇත්තේ අනුර සේනානායකට එරෙහිව පමණි. තවද මිනී මැරිමේ චෝදනාවට මේ වන තෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසීම් තාජුඩීන් ඝාතනය : තොරතුරු වසන් කල හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නඩු දමයි
වසීම් තාජුඩීන් ඝාතනය : තොරතුරු වසන් කල හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නඩු දමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ__EhwOXwVuyfjOJVwnsNeS8xuBIDQHQmHNhxGEQiU2Fe0fP7gLIuKwE03hCRC3q7z7yUzVKazB9AEZcnkuZalhyphenhyphenBiCE8iiHB-Ixss26e4hFL-zDr2sELp9eSxiL1B3lNnm1ajEtZ_cpi/s320/bddcb79bd6866fcf7091fdbf1378b7208288ec69.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ__EhwOXwVuyfjOJVwnsNeS8xuBIDQHQmHNhxGEQiU2Fe0fP7gLIuKwE03hCRC3q7z7yUzVKazB9AEZcnkuZalhyphenhyphenBiCE8iiHB-Ixss26e4hFL-zDr2sELp9eSxiL1B3lNnm1ajEtZ_cpi/s72-c/bddcb79bd6866fcf7091fdbf1378b7208288ec69.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_261.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_261.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy