මෙම නඩුවේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට මරණීය දණ්ඩනය හිමිවූ අතර සැකකරුවන් දෙදෙනෙකු රජයේ සාක්කි කරුවන් වීම නිසා ඔවු...
මෙම නඩුවේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට මරණීය දණ්ඩනය හිමිවූ අතර සැකකරුවන් දෙදෙනෙකු රජයේ සාක්කි කරුවන් වීම නිසා ඔවුන්ව නිදහස් කෙරීමට ත්‍රිපුද්ගල විනසුරු මඩුල්ල තීරණය කරන ලදි.
විත්තිකරුවන් වෙණුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරණ බවයි.
මරණ දඩුවමට අමතරව එක් විත්තිකරුවකුවකු විසින් විද්‍යාගේ පවුලට රුපියල් මිලියනය බැගින් වන්දි මුදලක් ගෙවිය යුතු අතර ඊට අමතරව සිව්වන හා නව වන සැකකරුවන්ට රුපියල් 70000 ක් හා සෙසු විත්ති කරුවන්ට රුපියල් 40000 ක් දඩ මුදල්ද නියම කෙරුනු අතර එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් මරණීය දඩුවමට අමතරව විත්තිකරුවන්ට නියම කොට ඇති වසර 30 ක බරපතල වැඩ ඇති සිර දඩුවම තවත් දීර්ඝ කරණ බවද නඩු වාර්තාවේ සදහන් වෙයි.
මෙම නඩු තීන්දුව දැක බලා ගැනීමට විද්‍යා දැරියගේ මව පියා ඇතුළුව ඥාතීන් විශාල පිරිසක්ද යාපනයේ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ද අධිකරණය වෙත පැමිණ සිටියහ.
පිටු 332 කින් සමන්විත වූ මෙම නඩු වාර්තාව ත්රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්රන් මහතා විසින් කියවන ලදී.
මෙම නඩුව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී විභාගයට ගැණුනු අතර වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචෙලියන් හ ත්රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්රේම් ශංකර් යන මහත්වරුන් ඊට පත් කොට සිටියහ.
මෙම නඩුවේ විත්තිකරුවන් නම දෙනා වූයේ පූබාලසිංහම් ඉන්ද්ර කුමාර් හෙවත් සින්නප්පා, පූබාලසිංහම් ජෙයකුමාර් හෙවත් රවී, පූබාලසිංහම් නවකුමාර් හෙවත් සෙන්දිල්, මහලිංගම් ශෂිදරන් හෙවත් ශෂී, පිල්ලෙනාදන් චන්ද්රකාශන් හෙවත් චන්ද්රා, ශිවදේවන් කුෂාන්තන් හෙවත් පෙරියතම්බි, පලනි රූපසිංහම් කුගනාදන් හෙවත් නිශාන්තන්, ජයදරන් කෝකිලන් හෙවත් කන්හා, මහලිංගම් සෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් යන අයවලුන්ය.
යාපනය මහාධිකරණයේදී මෙම නඩුව විභාග වීම ආරම්හ වූ දා පැමිණිල්ලේ ආරම්භක දේශනය පවත්වනු ලැබුවේ ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාය. නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ඩී.එස්.ජී. කුමාරරත්නම් මහතා පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම සිදු කරයි.
නඩු විභාගය ආරම්භ වූ දිනයේ දී ඝාතනයට ලක්වුණ විද්යා දැරියගේ මව වන සිවලෝගනාදන් සරස්වතී මහත්මියගෙන් සාක්ෂි මෙහෙය වූ අතර තම දියණිය පැහැරගත් අවස්ථාවේ ඇය විසින් හැඳ සිටි ඇඳුම් සහ ඇය පරිහරණය කළ සෙසු භාණ්ඩ සාක්ෂිකාරිය හඳුනා ගත්තාය.
මෙම නඩු තීන්දුව ලබාදීමට නියමිතව තිබුණු 27 වෙනිදා යාපනය මහාධිකරනය අවට මෙන්ම යාපනයේ බොහෝ ස්ථාන වල පොලීසිය,පොලිස් විශේෂ කාරය බලකාය යොදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.එමෙන්ම අධිකරණ භූමියට වෙනත් අවශ්යතා උදෙසා පැමිණි සියළුම පුද්ගලයින්ද දඩි සෝදිසි කිරීමකට ලක් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.
ශිවලෝගනාදන් විද්යා නැමති පාසල් දැරිය යාපනය පුංගුඩුතීව් පාසලේ ඉගෙණුම ලබමින් සිටි කාලයේදී ඇය උදෑසන පාසල් යන විට 2015 මැයි මස 13 වෙනිදා සමූහ දූෂණයකට ලක් කොට ගෙළ මිරිකා මරා දමා තිබූ අතර ඇයගේ මළසිරුර ළදු කැළෑවක තිබී පසුව සොයාගන්නා ලදී.
මෙම සිද්ධිය වන විට ඇයට වයස අවුරුදු 16 කි.
සිද්ධිය පිළිබදව සොයා බැලූ ගම්වැසියන්ට මිය ගිය විද්යා දැරියගේ මළ සිරුර හමුවීමෙන් පසුව මෙම නඩුවේ ප්රධාන විත්තිකරු වූ මහාලිංගම් ශෂිදරන් හෙවත් ස්විස් කුමාර් නැමැත්තා කෙරෙහි සෘජුවම සැකයක් ඇති වී ඔහුව අල්ලා ගස් බැද පහර දී පොලීසියට බාර දෙන ලදී.
දේශපාලන සහාය මත හා වෙනත් බලපෑම් මත පොලීසියෙන් නිදහස ලබාගත් සුවිස් කුමාර් කොළඹට පලාගොස් ස්විස්ටර්ලන්තයට පැන යාමට සූදානමින් සිටියදී පොලීසිය ඔහුව කොළඹදී අත් අඩංගුවට ගන්නා ලදී.
සුවිස් කුමාර්ට පැනයාමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත එවකට උතුරු පළාත බාර ජෙයෂ්ඨ නියෝජ්ය පොලිස් පතිවරයාව සිටි ලලිත් ජයසිංහ අත් අඩංගුවට පත්වූයේ ඝාතනයට ලක්වූ විද්යා දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය යාපනය මහාධිකරණයේදී විභාගයට ගැනෙමින් තිබූ අතර තුර ලද සාක්කි කීපයක් පදනම් කරගෙනය.
වත්මන් වනිතා කටයුතු පිළිබද රාජ්ය ඇමතිනී විජය කලා මහේස්වන්ද සුවිස් කුමාර් ට පැන යාමට අනු බලදී ඇති බවට මහාධිකරණය වෙත් ඉදිරිපත් වූ සාක්කියක් මත රහස් පොලීසිය නියෝජ්ය අමාත්යවරියගෙන් පැය හයක පමණ කාලයක් කට උත්තර ලබා ගත් අතර ඇය එහිදී පවසා තිබුණේ තමන් ඊට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවකි.
විද්‍යා දැරියගේ මව වූ සිවලෝගනාදන් සරස්වතී කියා සිටියේ තමන්ට සාධාරණයක් ලබා දීමට උදව් කල මහජනතාවට මෙන්ම සියලු දෙනාටම ස්තූතිවන්ත වන බවටයි.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS