ශ්‍රී ලංකා හොකී සම්මේලනය (SLHF) විසුරුවා හැර එම බලතල අධිකරණය විසින් ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් (DG) වෙත පවරා තිබිය දී, නොවැම්බර් 25 සිට ...
ශ්‍රී ලංකා හොකී සම්මේලනය (SLHF) විසුරුවා හැර එම බලතල අධිකරණය විසින් ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් (DG) වෙත පවරා තිබිය දී, නොවැම්බර් 25 සිට දෙසැම්බර් 2 දක්වා මියන්මාරයේ දී පැවැත්වෙන ආසියානු හොකී සම්මේලන (AHF)අභියෝගතා කුසලානය සඳහා සහභාගී වීම සඳහා ක්‍රීඩකයන් 28 ක සංචිතයක් තෝරා ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.
ඒ, හිටපු ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් විසිණි. අදාළ සභාපතිවරයා හිටපු පොලිස් නිළධාරියෙක් ද වේ.
එසේම අදාල ක්‍රීඩකයන් 28 ක සංචිතය ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්ගේ අනුමැතියකින් හෝ දැනුවත් වීමකින් තොරව මේ වන විට නීති විරෝධී අයුරින් පුහුණු වීම් ආරම්භ කර ඇති බවද එම පුවත්පත විසින් චෝදනා කරයි.
මේ අතර විසුරුවා හරින ලද ශ්‍රී ලංකා හොකී සම්මේලනය විසින් මෙසේ සංචිතයක් තෝරා පුහුණු වීම් කරගෙන යාම කොළඹ හොකී සංගමය (CHA) ඇතුළු අනුබද්ධ සංගම් විසින් ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්ගෙන් ප්‍රශ්න කර ඇති බවද අදාල පුවත්පත් වාර්තා වේ සඳහන්ය.
එම පුවත්වාර්තාව සම්පුර්ණයෙන් මෙතනින් කියවන්න...
COMMENTS