ට්වීටර් (Tweeter) පණිවිඩයක් මගින් ට්‍රම්ප් චෝදනා කර සිටින්නේ සමාජ මාධ්‍ය ජාලා මගින් “ ට්‍රම්ප් විරෝධී “ (Anti- Trump) කුමන්ත්‍රණ සිදු ...
ට්වීටර් (Tweeter) පණිවිඩයක් මගින් ට්‍රම්ප් චෝදනා කර සිටින්නේ සමාජ මාධ්‍ය ජාලා මගින් “ ට්‍රම්ප් විරෝධී “ (Anti- Trump) කුමන්ත්‍රණ සිදු වෙමින් පවතින බවයි. ඔහු මින්පෙර නිවුයෝර්ක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පතට විරුද්ධවද එම චෝදනාවම එල්ල කර සිටියේය.
ඇමරිකා එක්සත් ජනපද මැතිවරණයේදී රුසියා ව මැදිහත් වී ඇති බවට කෙරෙන චෝදනා පිළිබද නිරීක්ෂණය කිරීම සදහා ෆේස්බුක් මගින් දේශපාලන දැන්වීම් 3000කට අධික ප්‍රමාණයක් කොංග්‍රස් විමර්ෂකයින් වෙත භාර දීමට නියමිතය.
මෙම වෙබ් අඩවී විශ්වාස කරන පරිදි 2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය සමයේ සහ ඉන් පසුව රුසියානු සමාගම් විසින් මෙම දේශපාලන වෙළද දැන්වීම් ප්‍රචාරය සදහා මුදල් ගෙවා ඇත.
ඒ අනුව ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් අවධාරණය කොට ඇති පරිදි ඔවුන් හට එක්සත් ජනපද සෙනෙට් ඔත්තු කාරක සභාව ඉදිරියේ නොවැම්බර් 1 දා රුසියානු මැදිහත්වීම් පිලිබඳ චෝදනා ගැන සාක්ෂි දීමට කැදවා ඇත.
නමුත් මෙතෙක් ඔවුන් කිසිවෙක් ඒ සදහා තමන් සහභාගී වී සහය දක්වන බව පවසා නැත.
ට්‍රම්ප්ගේ මෙම චොදනා හා විවේචන වලට ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් පණිවිඩයක් මගින් දන්වා ඇත්තේ තමන් සියලු මතවාදයන්ට හා අදහස්වලට වේදිකාවක් නිර්මානය කිරීමට උත්සාහ කළ බවත් ගැටළු කාරී ප්‍රචාරක දැන්වීම් හැරුණු කොට මැතිවරණයේදී අපේක්ෂකයින් හා ඡන්ද දායකයන් අතර මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමටත් මැතිවරණයේදී අපේක්ෂයින්ට හඬක් ලබා දීමටද ඡන්ද දායකයින්ට මැතිවරණයේදී සිය තීරණ ගැනීම සදහා අවශ්‍ය පසුබිම සැකසීමටද ෆේස්බුක් මගින් විශල මෙහෙවරක් සිදු කල බවය.
තවදුරටත් ඔහු පවසා ඇත්තේ එක් අතකින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට පේස්බුක් මගින් ලැබුන රුකුල ලිබරල් මතවාදීන්ගේ දෝෂ දර්ෂණයට ලක්ව ඇති අතර ඒ අනුව දේශපාලන වර්ණාවලියේ අන්තයන් දිවිත්වය විසින්ම තමන් අකමැති අන්තර්ගතයන් සම්බන්ධව කලබල වී ඇති බවයි.
බිබිසී ඇසුරෙන්
හංසිනී සම්පත්
COMMENTS