දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරේ ජනතාව ගැන දකුණ තාමත් බලන්නෙ සැකයෙන් - විග්නේෂ්වරන්
Homeප්‍රවෘත්ති

උතුරේ ජනතාව ගැන දකුණ තාමත් බලන්නෙ සැකයෙන් - විග්නේෂ්වරන්

PropellerAds

  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඊයේ (09) මල්වතු මහා විහාරයේදී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැක ම...

වැඩියෙන්ම දිවි නසාගන්නේ මධ්‍යම පළාත තුළයි.
පොතකින් පිටුවක්
අරුන්දිකගේ ටිකට් එක ලන්සාටත් ලැබෙයි
උතුරේ ජනතාව ගැන දකුණ තාමත් බලන්නෙ සැකයෙන් - විග්නේෂ්වරන්

 

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඊයේ (09) මල්වතු මහා විහාරයේදී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැක මේ වන විට උතුරේ පවතින තත්ත්වය දැනුම් දුන්නේය. දකුණේ මහජනයා උතුර පිළිබදව දරන මතය නිවරැදි නොවන බවත් යුද්ධය අවසන් වී ඇති නමුත් එහි ජනතාව මේ දක්වා දැඩි මානසික පීඩනයකින් යුතුව ජීවත්වන බව ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේය.

යුද්ධය හේතුවෙන් වැන්දඹු තත්ත්වයට පත්වූ කාන්තාවන් 89,000 ක් උතුරේ ජීවත්වන බව කී ඒ මහතා එම කාන්තාවන් දැඩි අසරණ තත්ත්වයෙන් ජීවිකාව පවත්වා ගෙන යන බව කිවේය. යුද්ධය හේතුවෙන් අනාථ වූ දරු දැරියන් රැසක් සිටින බව කී ප්‍රධාන අමාත්‍යවරයා මහා නායක හිමියන් හමුවේ මෙසේ සදහන් කළේය.

'යුද්ධයට සම්බන්ධ වී පුනරුත්තාපනය ලැබුවන් අද සමාජගත කොට ඇතත් ඔවුන්ට කිසිවෙකුත් රැකියා ලබා දෙන්නේ නැහැ. අද උතුරේ ජනතාව ජීවත් වන්නේ විරැකියාවෙන්. කිසිවෙකුට රැකියාවක් ලබා දෙන්නේ නැහැ. ලබා දෙන්න රැකියා නැහැ. උතුරේ ජනතාවට ධීවර කර්මාන්තය කරන්න අසීරුයි. දකුණේ ජනතාව, හමුදා සහයෝගයෙන් උතුරට පැමිණ ධීවර කටයුතු කරනවා. උතුරේ ධීවරයන් අසරණයි. ඔවුන්ගේ විශාල බෝට්ටුටක් හා උතුරේ ජනතාවට සතු කැටමරන් නම් කුඩා බෝට්ටුවක් පසුගියදා ගැටී දෙදෙනෙකු තුවාල ලැබුවා.'

'දකුණේ ජනතාව සෑම විටම අප පිළිබදව දරන්නේ වැරදි අවබෝධයක්. මම මහනුවරට පැමිණ මහා නායක හිමියන් දැනුවත් කරන්න තීරණය කළේත් ඒ නිසයි. පාරවල් හැදුවට වැඩක් නැහැ, සාමාන්‍ය ජනතාවට ජීවත්වෙන්න ක්‍රමයක් සකස් කර දිය යුතුයි. යුද්ධය නිමා වෙලා මේ වන විට අවුරුදු 08ක් ගතවී ඇතත් උතුරේ තවමත් හමුදා සෙබළුන් එක්ලක්ෂ පනස් දහසක් ඉන්නවා. බල ඇණි 18ක් උතුරේ තිබෙනවා. එක් බල ඇණියක සෙබළුන් 10 000ක් පමණ සිටිනවා.'

'ජනාධිපතිවරයා වෙත මම ප්‍රකාශ කළා මෙම සෙබලුන් ඉවත් කර ගන්න කියා. මම නිකමට වගේ යෝජනා කළා, පළාතට එක බැගින් පළාත් නමය තුළ මෙම බලඇණි බෙදා හරින්න කියලා. ඉඩම් දෙනවා කීවාට ඉඩම් ලැබෙන්නේ මන්දගාමීවයි. මුළු පළාතේම අක්කර 85 000ක් පමණ හමුදාව සතුව තිබුණා. නමුත් අප වෙත නිදහස් කර තිබෙන්නේ තවමත් අක්කර 5000ක් පමණ ප්‍රමාණයකි. අක්කර 1000ක් අපට ලබා දෙන බව වසර කිහිපයකට පෙර රජය කීවත් අපට ලැබුණේ අක්කර 425යි. උතුරේ ජනතාවට ඉඩම් ලබා දෙන බව කීවත් ලැබී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. ඔවුන්ට පිරිසිදු ජලය ලැබෙන්නේ නැහැ. පිරිසිදු ජලය සහිත ළිං තිබෙන්නේ හමුදා පාලනය යටතේයි.'

'ෆෙඩරල් ක්‍රමයක් අප යෝජනා කරන්නේ රට බෙදීමට නොව රට එකතු කිරීමටයි. සිංහල විනිසුරුවන් තිදෙනෙකු ලබා දුන් තීන්දුවක් අනුව ද පැහැදිලි වන්නේ ෆෙඩරල් ක්‍රමය තුළින් රට එකතු කරන බවයි. එසේ නැතිව රට කැබලිවලට වෙන් කිරීමක් අදහස් වන්නේ නැහැ. උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබදව අප ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නා. එතුමා අප කෙරෙහි සානුකම්පික අවධානය යොමු කළා. නමුත් එතුමාට ද විවිධ හේතුනිසා ඊට මැදිහත්වීම අසීරුවී තිබෙන බව අපට වැටහෙනවා. ආණ්ඩුව ජනතාවට සහන ලබා දෙන අතරේ ඉදිරි මැතිවරණය පිළිබදවත් කල්පනා කරනවා. පක්ෂය දියුණු කිරීම හා ඊළග මැතිවරණයට මුහුණදීම ඔවුන් කළ යුතුයි. නමුත් මට එවැනි ඉලක්කයක් නොමැති නිසා ජනතාව වෙනුවෙන් ජනතා ඉල්ලීම් ආණ්ඩුවට ඉදිරිපත් කරනවා.'

මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්, ප්‍රධාන අමාත්‍යවරයා වෙත බුද්ධ ප්‍රතිමාවක් හා ධම්මපදය ග්‍රන්ථයක් එහිදී පිළිගැන්වීය.

උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්තාපන, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය, උතුරු පළාත් කෘෂිකර්ම, ගොවිජන සේවා, වාරිමාර්ග හා පරිසර අමාත්‍ය කන්දයියා ශිවනේෂන් මහතා ද මේ අවස්ථාවට එක්වූහ.

නුවර නදීක දයා බණ්ඩාර

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ ජනතාව ගැන දකුණ තාමත් බලන්නෙ සැකයෙන් - විග්නේෂ්වරන්
උතුරේ ජනතාව ගැන දකුණ තාමත් බලන්නෙ සැකයෙන් - විග්නේෂ්වරන්
http://ift.tt/2xdljX7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_275.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_275.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy