දිවයිනේ වැඩියෙන්ම දිවි නසා ගන්නා පළාත මධ්‍යම පළාත බවත් වැඩියෙන්ම දිවි නසා ගන්නා පොලිස් කොට්ඨාසය කටුගස්තොට බවත් රටේ දෙවන අගනුවර එසේ වීම පිළ...
දිවයිනේ වැඩියෙන්ම දිවි නසා ගන්නා පළාත මධ්‍යම පළාත බවත් වැඩියෙන්ම දිවි නසා ගන්නා පොලිස් කොට්ඨාසය කටුගස්තොට බවත් රටේ දෙවන අගනුවර එසේ වීම පිළිබඳව තමන් ඉතා කනගාටුවට පත්වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
කෑගල්ල “ ෆැමලි යෝගා “ මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. යෝගා ගුරුජි එස්.වී.ඒ.ජෙයකුමාර් මහතා විසින් මෙහි මෙහෙයවීම් කටයුතු සිදු කරනු ලබයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙසේ ද පැවසීය.
"මම මැත කාලයෙදී අලුත් වාර්තාවක් ලිවුව. එහිදී ලංකාවෙ වැඩියෙන්ම දිවි නසා ගන්නා පළාත බවට පත් වුණේ මධ්‍යම පළාත. වැඩියෙන්ම දිවි නසා ගන්නා පොලිස් කොට්ඨාසය බවට පත් වුණේ කටුගස්තොට. මෙය බරපතළ කාරණයක්.
මේ අනුව බලන කොට මධ්‍යම පළාතේ පිහිටි දළදා මාලිගාව, පංසල් පල්ලි කෝවිල්, දේවාල වලින් උදේ සවස ඇසෙන පිරිත්, යාච්ඤා, යාතිකා මේ කිසි දේකින් මිනිසාට සතුටක් ලැබිල නැති බවයි පේන්නේ.
තරුණ පරම්පාරාව දවසකට දිවි නසාගන්න උත්සාහ ගන්න සංඛ්‍යාලේඛන පොලිස් වාර්තා ගත්තහම දවසකට අඩුම ගානෙ 30 ක් දිවි නසාගන්න උත්සාහ ගන්නව. මෙයින් 8 දෙනෙක් මිය යනව. ඇයි මෙහෙම වෙන්නෙ. රටේ වේගයෙන් අනතුරු වැඩිවේගන යනවා. පොලිස් දෙපාර්තුමේන්තුව කියනව අනතුරුවලින් දවසකට 8 දෙනෙක් මියයනව කියලා. මෙයින් පේන්නේ රිය පදවන අයගේ මනස සැහැල්ලු නැති බවයි. නොසන්සුන්කමින් අධික වේගයෙන් රිය පැදවීම නිසා අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වෙනවා." යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS