දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය විදේශ සමාගමකට බදු දීම සඳහා සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අම...
දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය විදේශ සමාගමකට බදු දීම සඳහා සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
වසර 15කට හෝ 20කට මේ අධිවේග බදු දී එකවර මුදල් ලබාගන්නා බවත් ඉන්පසුව අධිවේගී මාර්ගයේ සියලු නඩත්තු කටයුතු සහ පාලනය බදුගන්නා සමාගම විසින් සිදුකරගෙන යනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මේ ආකාරයෙන් විදෙස් රටවලද අධිවේගී මාර්ග මෙහෙයවන බවත් මෙය ඉතාම සාර්ථක ක්‍රමයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් තවමත් මෙය සාකච්ඡා මට්ටමේ පවතින බැවින් ස්ථීර විසඳුමකට පැමිණි පසුව දැන්වීම් පළකොට වැඩිම ඉල්ලුම මත ඒවා ලබාදෙන බවත් හෙතෙම කීය. විරුද්ධ පක්ෂය මේවා විකුණන බවට චෝදනා කළත් එවැනි දෙයක් සිදුනොවන බවද හෙතෙම සඳහන් කළේය.
- ගයාන් ගාල්ලගේ (දේශය)
COMMENTS