දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ සුපිරි නිවාස සංකීර්ණ හදයි.
Homeප්‍රවෘත්ති

ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ සුපිරි නිවාස සංකීර්ණ හදයි.

PropellerAds

රුපියල් කෝටි සිය ගණනින් අයථා ලෙස මුදල් උපයමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ එම අයථා ඉපැයීම් ගණනාවක...

එජාපයේ කුමන්ත්‍රණයක් ගැන චන්දිම හෙළි කරයි
ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා අක‍්‍රමිකතා ‌‌‌‌‌සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරයි
ස්වාමිනාදන් හා තිලක් මාරපනත් ඇමැතිකම් එපා කියති

රුපියල් කෝටි සිය ගණනින් අයථා ලෙස මුදල් උපයමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ එම අයථා ඉපැයීම් ගණනාවක තොරතුරු සමඟ ඕස්ට්‍රේලියාවේ ඩොලර් 6,500,000 හෙවත් රුපියල් 781,538,385.97ක වියදමින් ඉදි කෙරෙන සුපිරි නිවාස සංකීර්ණ දෙකක තොරතුරු ඊයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ඉදිරිපත් කෙරිණි. පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මඟින් උදය ගම්මන්පිල මහතාගේ අයථා ඉපැයීම් සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණයකට එම තොරතුරු ලබාදෙන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි ඇතුළු පිරිසක් විසිනි. වෛද්‍ය සමන් අලුත්බදුගේ සහ වෛද්‍ය අබේකෝන් ගුණරත්න යන අය එක්ව 'සමන් සහ අබය' පුද්ගලික සමාගම නමින් සමාගමක් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර එම සමාගම නමින් විශාල දේපළ ප්‍රමාණයක් මිල දී ගෙන ඇත. එම දේපළ වත්කම් වටිනාකම රුපියල් වලින් 781,538,385.97ක් වෙයි.

එසේ මිලදී ගෙන ඇති දේපළ පහත පරිදි වේ.

Property 1 : 5 CAMPBELL STREET DANDENONG VIC 3175

Bought for : $330,000 + Stamp Duty (Loan: $110,000)

Date : 02 November 2012

Property 2 : THOMAS STREET PAKENHAM VIC 3810

Bought for : $341,000 + Stamp Duty (Loan : $125,000)

Date : 1 September 2013

Property 3 : HOUSE 28/11/09, 3 AUSTRAL COURT WHEELERS HILL 3150

Bought for : $542,000 + Stamp Duty

Date : 28 November 2009

Property 4 : MOUNTAIN HILL (3300sqm)

Bought for : $2,750,000 + Stamp Duty

Additional Spenditure : Renovation $500,000

(This property now consist of a Medical Centre, Subway Shop and a Pub)

උක්ත සඳහන් දේපළවල වර්තමාන වටිනාකම ආසන්න වශයෙන් පහත දැක්වේ.

Property 1 : 5 CAMPBELL STREET DANDENONG VIC 3175

$500,000 (ලංකා රුපියල් 60,115,775.40)

Property 2 : THOMAS STREET PAKENHAM VIC 3810

$500,000 (ලංකා රුපියල් 60,115,775.40)

Property 3 : HOUSE 28/11/09, 3 AUSTRAL COURT WHEELERS HILL 3150

$1,500,000 (ලංකා රුපියල් 180,380,631.97)

Property 4 : MOUNTAIN HILL (3300sqm)

$4,000,000 (ලංකා රුපියල් 480,926,203.20)

එකතුව : ඔස්ට්‍රේලියානු ඩොලර් 6,500,000 (ලංකා රුපියල් 781,538,385.97)

මීට අමතරව වෛද්‍ය සමන් අලුත්බදුගේ යන අය විසින් මහල් නිවාස සංකීර්ණ දෙකක් ඔස්ට්‍රේලියාවේ ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වී ඇත.

මෙම අයවලුන්ට මෙතරම් විශාල මුදලක් ලැබී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අයථා ලෙස සෘජුව හා වක්‍රව උපයාගන්නා ලද බවට වාර්තා වන පහත සඳහන් මුදල්වලින් බවට ජනතාව තුළ සාධාරණ සැකයක් පවතී.

01. ඕස්ට්‍රේලියා‍නු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩ්ඩික් මහතාට අයත් 'ඩිජිටල් නොමිනීස්' සමාගමෙන් මිල දී ගෙන තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 වංචනිකව විකුණා උපයාගත් මුදල් (ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම් ලබාදෙමින් උදය ගම්මන්පිල මහතා හා ඔහුගේ ව්‍යාපාරික සගයා වන සිඩ්නි ජයසිංහ නොහොත් ජේ.සී.පී. ජයසිංහ යන අය විසින් ඉහත කොටස් විකුණා මුදල් ලබා ගත් බවටත් එම මුදල්වලට කළ දේ මතක නැති බවටත් අධිකරණයට දැනුම් දී ඇත. දිව්රුම් ප්‍රකාශවල අදාළ උපුටන අමුණා ඇත. අවශ්‍ය නම් පිටපත් අධිකරණයෙන් ද ලබාගත හැකිය.

02. ඔස්ට්‍රෙලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩ්රික් මහතාට අයත්ව තිබූ මෙට්ල් රීසයික්ලින් කලම්බු ලිමිටඩ් ආයතනය සිලෝන් ටී ගාර්ඩ්න්ස් ආයතනය, ට්‍රිපල් එස් ආයතනය සහ තවත් ආයතන වංචනික අයුරින් විකුණා උපයාගත් මුදල් (ට්‍රිපල් එස් ආයතනය හැර අනෙකුත් ආයතන දෙක විකිණීමේ වංචා පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අධිකරණයට කරුණු වාර්තා කරනීතිපති උපදෙස් සඳහා යොමු කර ඇත.

03. උදය ගම්මන්පිල මහතා සමඟ සිරගතව සිටි සිඩ්නි ජයසිංහ නම් ව්‍යාපාරිකයා A-27170 හා A - 27160 යන ව්‍යාපෘති අංක යටතේ 2013-05-02 දින ඉදිරිපත් කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක තාක්ෂණික කමිටුව විසින් අසමත් කරන ලදී. Anrorchi බුරුතකන්ද හා Irish බුරුතකන්ද යන මෙම සූර්ය බලාගාර ව්‍යාපෘතින් දෙක පවිත්‍රා වන්නිආරච්චි විදුලිබල ඇමැතිනිය ලෙස වැඩ භාරගැනීමෙන් පසුව 2014-03-18 වන දින වංචනික ලෙස අනුමත කරවා ගෙන 2014-09-24 දින එංගලන්තයේ ලිවේරා හෝල්ඩින්ග්ස් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 7කට විකුණා උපයාගත් මුදල් බව ඊයේ විශේෂ විමර්ශන ඒකකයට ලබාදුන් තොරතුරුවල සඳහන්ව තිබේ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ සුපිරි නිවාස සංකීර්ණ හදයි.
ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ සුපිරි නිවාස සංකීර්ණ හදයි.
http://ift.tt/2x2ZxGS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_258.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_258.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy