ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක‍්‍රමික...
ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වු කාලපරිච්ජේදය තුළ දී අදාළ සමාගම්වල සිදුවූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් 2018 පෙබරවාරි 14 වනදා මෙම කොමිසම පත් කරන ලද අතර, එහි නිල කාලය මෙම දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබිණි.
අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිසමේ සාමාජිකයන් හමු වූ ජනාධිපතිතුමා එම පරික්ෂණ කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳව විමසා බැලීය.
කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයෝ මීට එක්ව සිටියහ.
COMMENTS