එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය තුළින්ම ආරම්භ වී ඇති බව ප...
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය තුළින්ම ආරම්භ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස ද පක්ෂ නායක ධූරය අපේක්ෂා කරන බවත් එනිසා ඔහු විසින් තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට මිලයන ගණනක මුදලක් මේ වන විට වැය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ඒ මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායක ධූරය පමණක් නොව පක්ෂයේ සාමාජිකත්වය ද නැති වීමේ අවධානමක් හට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක ධූරය ගැන ගැටළුවක් ඇති නොකර ගෙන වික්‍රමසිංහ මහතාගේ පක්ෂනායක ධූරය රැක ගැනීමට කටයුතු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS