දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'කිසිම එල්.ටී.ටී.ඊ. නායකයෙක්‌ හමුදාවට භාර වුණේ නෑ'
Homeප්‍රවෘත්ති

'කිසිම එල්.ටී.ටී.ඊ. නායකයෙක්‌ හමුදාවට භාර වුණේ නෑ'

PropellerAds

කිසිම එල්.ටී.ටී.ඊ. නායකයකු හමුදාවට භාර නොවූ බව යුද හමුදාව වෙනුවෙන් මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කරුණු දැක්‌වූ මේජර් ජෙනරාල් චානක ගුණවර...

බෝම්බ පිපිරීමේ සිද්ධියට සහය දී ආරක්ෂාව පතා යාපනයට ආ සැකකරුවන් 9ක් අත්අඩංගුවට
පුපුරණ ද‍්‍රව්‍ය සහිත බෝම්බකරුවන් තවත් පිරිසක් නිදැල්ලේ - අගමැති
ප‍්‍රහාරයෙන් මියගිය ගණන 359 තෙක් ඉහලට !
කිසිම එල්.ටී.ටී.ඊ. නායකයකු හමුදාවට භාර නොවූ බව යුද හමුදාව වෙනුවෙන් මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කරුණු දැක්‌වූ මේජර් ජෙනරාල් චානක ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එල්.ටී.ටී.ඊ. නායක එලීලන් හමුදාවට භාර නොවූ බවත් ඔහු අත්අඩංගුවට පත්වී නොමැති බවත් ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පසුගිය 19 දා ප්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ. නායකයකු වූ එලීලන්ගේ අතුරුදන්වීම පිළිබඳ මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී මේ කරුණු අනාවරණය විය.

එලීලන්ගේ බිරිය ආනන්දි සසිදරන් :

අට අවුරුද්දකට ඉහතදී ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවූ ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ නායකයකු අත් අඩංගුවට ගන්නා ලද බව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප කරන ලදී.

එලිලන් නමින් ප්‍රකට එල්ටීටීඊ ත්‍රිකුණාමල දේශපාලන අංශයේ නායක සින්නදුරෙයි ශෂිධරන් සොයා දෙන ලෙස ඉල්ලා
මෙම නඩුව පවරා ඇත්තේ එලීලන්ගේ බිරිය වන උතුරු පළාත් සභා ඇමැතිනී ආනන්දි සසිදරන් මහත්මිය විසිනි.

එල්ටීටීඊ නායකයාගේ බිරිඳ වන උතුරු පළාත් ඇමැතිනී ආනන්දි ශෂිධරන් විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ යුද්ධාවසානයේ ප්‍රසිද්ධියේ කරන ලද නිවේදනයක් අනුව 2009 මැයි 18 දා මුලතිව් හිදී යුද හමුදාවට භාර දෙන ලද සිය සැමියා එදා පටන් ආගිය අතක් නැති බවයි.

ඔහු භාරගන්නා ලද්දේ යුද්ධාවසානයේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ අණ යටතේ පැවති ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකයට බව ආනන්දි ශෂිධරන් 2014 පෙබරවාරියේ ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සම මගින් අධිකරණයට පවසා තිබුනි.

පුනරුත්ථාපනයේ නෑ:

වසර තුනහමාරකට වැඩි කලකට ඉහතදී කරන ලද ඉල්ලීමට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා 58 වැනි සේනාංකයේත්, මුලතිවු යුද හමුදා කඳවුරේත් ආඥාපති මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන පවසා ඇත්තේ තමන් විසින් පරීක්ෂා කරන ලද පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ සැකකාර ලැයිස්තුවේ එලිලන්ගේ නම නැති බවයි.

ඒ අනුව පුනරුත්ථාපනය කරන ලද, අතුරුදහන් වූ හෝ අත් අඩංගුවේ පසුවන අය අතර සින්නදුරෙයි ශෂිධරන් නැති බව යුද හමුදාවේ නිගමනය වී තිබේ.

පිටු දහසකට අධික එම ලේඛනය 2016 ජූලියේදී ඉදිරිපත් කරන ලද අවස්ථාවේ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දකි.

පුනරුත්ථාපනය කරන ලද අයගේ නම් ලැයිස්තුව පරීක්ෂා කිරීම හැර අතුරුදහන් තැනැත්තා සොයා ගැනීමට වෙනත් විමර්ශනයක් වගකිව යුතු නිලධාරියකු ලෙසින් කරන ලද්දේදැයි විමසන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හමුදා සෙන්පතියා පවසා ඇත්තේ එවැනි අවශ්‍යතාවයක් නොවූ බවයි.

හමුදා ආඥාපතිවරයාගේ පිළිතුර වගකීමෙන් තොර ප්‍රකාශයක් බව ආනන්දි ශෂිධරන්ගේ නීතිඥවරයා පවසයි.

“අතුරුදහන් මිනිසකුගේ ජීවිතයක් පිළිබඳව කිසිම වගකීමකින් තොරව කටයුතු කළ බව,”  මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන ගේ පිළිතුරෙන් පෙනී යන බව මානව හිමිකම් නීතිඥ එස් රත්නවේල් මහතා කියා සිටියේය.

රඳවාගෙන සිටි එල්ටීටීඊ කැරලිකරුවන්ගේ ලැයිස්තුවක් තමන් සතුව ඇතැයි අධිකරණය හමුවේ 2016 පෙබරවාරියේ  ප්‍රකාශ කළ 58 වැනි සේනාංකයේ වර්තමාන ආඥාපතිවරයා එයින් පස් මසකට පසු දැනුම් දී තිබුනේ යුද හමුදාව සතුව ඇත්තේ පුනරුත්ථාපනය කොට නිදහස් කර යවන ලද දොළොස් දහසකට අධික පිරිසක ලේඛනයක් පමණක් වන බවයි.

‘සටන නවතන්නේ නෑ’

ලක්ෂ ගණනකගේ ඇස් ඉදිරිපිට ශ්‍රී ලංකා යුද හමුදාවට සියතින්ම බාර දෙන ලද තම සැමියා සොයා ගැනීමේ අරගලය අත් නොහරින බව උතුරු පළාත් සභා ඇමැතිනී ආනන්දි ශෂිධරන් අධිකරණ විමර්ශනයෙන් පසු මාධ්‍යවේදීන් අමතා කියා සිටියාය.

ඒ සඳහා තවත් ලිඛිත සාක්ෂි ඉදිරියේදී අධිකරණයට ලබා දෙන බව ප්‍රකාශ කළ ඇය “මේ මම පමණක් නොවේ, තවත් දහස් ගණනක් මුහුණ පා සිටින ඉරණමකැ,” යි සඳහන් කළාය.

යුද්ධාවසානයේ යුද හමුදාවට භාරදීමෙන් පසු අතුරුදහන් සිය සමීපතමයන් සොයා දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුනු මේ ඇතුළු පෙත්සම් පහක විමර්ශන වාර්තා  මුලතිව් මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා විසින් නොවැම්බර් 9දා වැඩිදුර විභාගය සඳහා වව්නියාව මහාධිකරණය වෙත යොමු කරන ලදී.

යුද හමුදාව විසින් කළ නිවේදනය පිළිගෙන යුද්ධයේ අවසන් අදියරේදී  බාර වූ එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් බස් රථයක නංවා රැගෙන යෑමෙන් පසු  අතුරුදහන් වී ඇති වගට සාක්ෂි ලැබී ඇති බව අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර තිබූ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පවසා තිබුනි.

යූද්ධාවසනයේ දී සුදු කොඩි ඔසවාගෙන පැමිණ ශ්‍රී ලංකා රජයේ හමුදාවට භාරවූ පිරිසක් 58 වැනි සේනාංකයට එවක අණදුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් භාරගන්නා අයුරු ඇසින් දුටු සාක්ෂි ඇති බව 2013 දී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එළිදැක්වූ වාර්තාවකින් හෙළිදරව් කෙරිනි.

(radiogagana)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'කිසිම එල්.ටී.ටී.ඊ. නායකයෙක්‌ හමුදාවට භාර වුණේ නෑ'
'කිසිම එල්.ටී.ටී.ඊ. නායකයෙක්‌ හමුදාවට භාර වුණේ නෑ'
http://ift.tt/2xDDDsv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_225.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_225.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy