සජින් වාස් ගුණවර්ධන දැන් තම හිතමිතුරන් සමඟ තැන් තැන් වල පවසමින් යන්නේ තමන් නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට අවශ්‍ය පරිදි හසුරුවාගෙන සිටින ...
සජින් වාස් ගුණවර්ධන දැන් තම හිතමිතුරන් සමඟ තැන් තැන් වල පවසමින් යන්නේ තමන් නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට අවශ්‍ය පරිදි හසුරුවාගෙන සිටින බවය. පසුගිය වසරක් පුරා තමන්ගේ නඩු ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව තුළ අස්ථානගත කරවීමට තමන් සමත් වූ බවත් ඒ සඳහා සැලකිලි කළයුතු තැන් වලට තමන් සලකා ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
තමන් ඒකාබද්ධ විපක්ෂයටත් ආණ්ඩුවටත් යන දෙකට ම අයත් නොවන සේ සීරුවට තමන්ගේ කටයුතු හසුරුවාගෙන ඇති බව පෙන්වා දී ඇති සජින් වාස් මෙතරම් දේ කළත් ජනාධිපතිවරයාගෙන් ඇමති ආරක්ෂක නිලධාරීන් ද ලබාගෙන සිටින එකම පුද්ගලයා තමන් බව ද ප්‍රකාශ කර ඇත. එසේම පත්තරකාරයින්ටවත් වෙබ් කාරයින්ටවත් ආණ්ඩුවටවත් තමන්ට එරෙහිව කළ හැකි දෙයක් නොමැති බවත් තමන්ගේ ගමන තමන් යන බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ.
"ඔය කවුරු හිරේ යැව්වත් මාව හිරේ යවන්න බෑ. මං ඒවා ගාණට බැලන්ස් කරලා තියෙන්නේ. පුළුවන් නම් මාව හිරේ යවලා පෙන්නන්න කියන්න" යනුවෙන් ඔහු අභියෝග කර ඇති බවද ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තාවේ.
COMMENTS