කෝප් කමිටුව අසත්‍ය ප්‍රකාශ මත පදනම්ව කටුයුතු කරන බවත් එහෙත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් කිරි...
කෝප් කමිටුව අසත්‍ය ප්‍රකාශ මත පදනම්ව කටුයුතු කරන බවත් එහෙත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පවත්වන ඕනෑම පරීක්ෂණයක් වෙනුවෙන් පෙනී සිටීමට තමා සූදානම් බව ද ඇමතිවරයා පවසයි.
මේ අතර මෙම ව්‍යාපෘතියේ තෙවැනි අදියර ඉදිකිරීම් ජපානයේ ටයිසේ සමාගමට ලබාදීමට තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩලය මෙන්ම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ආර්ථික කමිටුව ද මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර ලබන සතියේදී ඒ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන තෙවැනි කොටස කිලෝ මීටර් 32.5 කින් යුක්ත වේ.
COMMENTS