වකුගඩු රෝගය හේතුවෙන් ගෙවී ගිය වසරේ (2016) අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයන් 298 ක් මියගොස් ඇති බවත් මේ වසරේ අගෝස්‌තු මාසය වනවිට වකුගඩ...
වකුගඩු රෝගය හේතුවෙන් ගෙවී ගිය වසරේ (2016) අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයන් 298 ක් මියගොස් ඇති බවත් මේ වසරේ අගෝස්‌තු මාසය වනවිට වකුගඩු රෝගයෙන් පුද්ගලයන් 127 ක් මියගොස් ඇති බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්‌ඩාර මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ ඉකුත් දා (28 දා) පැවැති අනුරාධපුර දිස්‌ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.
එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය. පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, තඹුත්තේගම රෝහල්වල වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණය කිරීමේ වැඩපටන් ගන්න ඉදිරියේදී පුළුවන් වෙනවා. ඒ වගේ ඉදිකිරීම් දැනටමත් නිsමවී තිබෙනවා. අපි දෙලක්‍ෂ අනූ දහසකගේ රුධිරය මේ වසරේ පරීක්‍ෂා කරලා තියනවා. මේ සඳහා ජනතාව මැලිවන බවක් දක්‌නට ලැබෙනවා. සියයට පනහක් (50%) තමයි ඉදිරිපත් වෙන්නේ. මේ පිරිස වැඩිකරගත යුතුයි. හය ලක්‍ෂ ගණනක් රුධිරය පරීක්‍ෂා කිරීම සඳහා ඉන්නවා. 2019 වන විට මුළු අනුරාධපුර දිස්‌ත්‍රික්‌කය පුරාම මේ පරීක්‍ෂණය කරන්න ඕනෑ. අපි අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ 90 කට වකුගඩු බද්ධ කරලා තියෙනවා. මේ වන විට වකුගඩු රෝගයෙන් මියයන පිරිස අඩුවෙමින් පවතිනවා.
COMMENTS