ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන 'පෙරළියක ඇරඹුම' රැළිය මේවන විට නුගේගොඩදි පැවැත්වේ. හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම ර...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන 'පෙරළියක ඇරඹුම' රැළිය මේවන විට නුගේගොඩදි පැවැත්වේ.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම රැළිය අමතමින් පැවසූයේ “එදා හිටපු ජනපති ප්‍රේමදාසට එරෙහි ජන රැලිය ඇරැඹුනෙත් නුගේගොඩින්. මෙම වසරේ ආණ්ඩුව පෙරළනවා.“ යනුවෙනි.
මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතාව සිදුකරමින් සිටින අතරතුරදී ප්‍රභූ නිල රථයක් රැලිය පැවැත්වෙන භූමියට පැමිණි අතර එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය කතාව නවතා බලා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට පැමිණෙන බවට කියා සිටිමිනි.
නමුත් පසුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූයේ එලෙස පැමිණියේ හිටපු මහින්ද රාජපක්ෂ මහතා නොවන බවත් එය ‘ඩමියක්‘ බවත්ය.
තමාද කතාව නවතා බලා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන බවට සිතා බවත් පැවසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහින්ද රාජපක්ෂ මහතා තව සුළු මොහොතකින් පැමිණෙන ඇති බවත් මෙලෙස ඩමියක් ලෙස ප්‍රභූ රථයක් පැමිණියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක පියවරක් ලෙස බවත් කියා සිටියේය.
ඒකාබද්ධ විපක්‌ෂයේ "පෙරළියක ඇරඹුම" ජනරැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
COMMENTS