දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර ප්‍රශ්න 13 මෙන්න.
Homeප්‍රවෘත්ති

අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර ප්‍රශ්න 13 මෙන්න.

PropellerAds

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීහට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු බවත් ඔහුට අවශ්‍යනම් කොම...

“ඔබේ ඉරණම එන්නතටත් දෙවියන්ටත් භාරයි...රට වැසීමේ කිසිම අදහසක් නෑ..” - කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල
ධම්මික පැණිය ආණ්ඩුවෙන්ම තහනම් කරයි
ඉඩම් අමාත්‍යංශ ලේකම්ගෙන් නීති විරෝධී චක‍්‍රලේකයක්.. වනාන්නතර 12%ක් වැනසෙයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීහට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු බවත් ඔහුට අවශ්‍යනම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දිය හැකි බවත් ඒ සඳහා බල නොකරන බවත් පැවසූ බැඳුම්කර කොමිසම ඊයේ (13) දින ඔහුගේ මූලික කරුණු 13ක් ඔස්සේ කරුණු හෙළිකරගැනීම සඳහා සාක්ෂි විමසීමට නියමිතව තිබූ බවද ප්‍රකාශ කර ඇත.

අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාවක් නැතැයි ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම කොමිසම හමුවේ සාක්කි දීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දිනෙක තම සේවාදායකයාට අපරාධ අධිකරණයක් හමුවේ අධිචෝදනා මත නඩු පවරණු ලැබුවහොත් ඒ අවස්ථාවේදී ඔහුට පිරිමසාලිය නොහැකි පාඩුවක් සිදුවන්නේ යැයි කී ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා මේ තත්වය මත තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි ලබාදීමට අකමැති යැයිද ප්‍රකාශ කර ඇත.

මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා කොමිසමේ මෙම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සළකා බලන ලෙස දැනුම් දුන් අතර ඇලෝසියස් මහතා කොමිසමේ සාක්කි ලබාදීමට අකමැති නම් ඒ බව දැනුම් දෙමින් අද (14) කොමිසමට අයැදුම් පතක් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙසට බලකිරීමට හැකියාවක් නැති බවට තීරණය කිරීමට පාදක වු කරුණු සහ ඒවාට පදනම් වු පසුබිම හා නීතී තත්වයන් පිළිබඳව වු විග‍්‍රහයන් ඇතුළත් කරමින් පිටු 09කින් යුත් තීන්දුවක්ද ප‍්‍රකාශයට පත් කර ඇත.

බැඳුම්කර කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි විමසීමට පාදක වූ මූලික කරුණු 13 මේ වනවිට මාධ්‍ය වෙත මුදා හැර තිබේ. ඒ අනුව,

  1. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිය සහ ව්‍යුහය.
  2. අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත‍්‍රය ලබාගත් ආකාරය.
  3. අර්ජුන් ඇලෝසියස් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්‍යාපාර සැළැස්ම.
  4. අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක හා කළමණාකාර අධ්‍යකෂ ධුරවලින් ඉවත් වීමට හේතු.
  5. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප‍්‍රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය.
  6. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වර්ථමාන ප‍්‍රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද.
  7. ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය.
  8. ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා.
  9. ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.
  10. සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.
  11. පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.
  12. පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව.
  13. මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.

යන කරුණු ඔස්සේ සාක්ෂි විමසීමට නියමිතව තිබී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර ප්‍රශ්න 13 මෙන්න.
අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර ප්‍රශ්න 13 මෙන්න.
http://ift.tt/2y7oca6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy