කැළණි ඟඟට වැසිකිලි නළ සම්බන්ධ කර තිබූ 26 දෙනෙකු ඔලියමුල්ල හා පෑලියගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලිස් නාවික කොට්ඨාසය කියයි. මෙම ප...
කැළණි ඟඟට වැසිකිලි නළ සම්බන්ධ කර තිබූ 26 දෙනෙකු ඔලියමුල්ල හා පෑලියගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලිස් නාවික කොට්ඨාසය කියයි.
මෙම පිරිස කලක සිට මෙලෙස කැළණි ගඟට වැසිකිලි අපද්‍රව්‍ය මුදාහැර ඇතැයිද පසුගිය මාස 10 ඇතුළත මෙසේ වැසිකිලි අපද්‍රව්‍ය ගඟට මුදාහළ 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්. එච්.චූලසිරි මහතාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ පොලිස් නාවික කොට්ඨාසයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී. පුෂ්පසිරි මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදුකර තිබේ.
COMMENTS