මෙම ප්‍රහාර ද්විත්වය ඉතාම සැලසුම් සහගතව සිදුකිරීමට නියමිතව තිබූ ඒවා බව ඕස්ට්‍රේලියා බලධාරීහු පවසති. එතිහාඩ් ගුවන් සේවයට අයත් යානා දෙකක බෝ...
මෙම ප්‍රහාර ද්විත්වය ඉතාම සැලසුම් සහගතව සිදුකිරීමට නියමිතව තිබූ ඒවා බව ඕස්ට්‍රේලියා බලධාරීහු පවසති. එතිහාඩ් ගුවන් සේවයට අයත් යානා දෙකක බෝම්බ සහිත ගමන්මලු අන්තර්ගත කිරීම ත්‍රස්තවාදීන්ගේ සැලසුම වී ඇත.
විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට අයිසිස් ත්‍රස්තවාදීන් මෙම බෝම්බ ඇටවීමට අදාළ අමුද්‍රව්‍ය” වෙන් වෙන් වශයෙන් තුර්කියේ සිට සිඩ්නි නගරය වෙත එවා තිබෙන්නේ ද ගුවන් කාගෝ සේවය යොදාගනිමිනි. සැකකරුවන් දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ද සිඩ්නි පොලිසිය සමත් විය. හෙළිකර ගෙන ඇති තොරතුරු අනුව එක් බෝම්බයක් අඩංගු කර තිබෙන්නේ එක් සැකකරුවෙකුගේම සහෝදරයා ගේ ගමන් මල්ලේ ය. එම සොහොයුරා ඒ පිළිබඳ කිසිසේත් නොදැන සිටි බව ද අනාවරණය වී ඇත. මේ අතර කුණු බිත්තර ගඳ ඇතිකරන හයිඩ්‍රජන් සල්ෆයිඩ් විෂ වායුව ගුවන් යානාව තුළට මුදාහැරීමේ සැලසුමක් ද අයිසිස් සංවිධානය සතුව තිබී ඇත.
මේ අනුව අනාගතයේදී ගුවන් ගමන් ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් දැඩි නීති හඳුන්වාදීම අවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.
- අමාලි ජයවීර
වීඩියෝව මෙතැනින්
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=Z4Q-l9-WltI[/youtube]
...
COMMENTS