කාන්තා හා ළමා කාර්යාංශය වෙත තරුණියක් පැමිණිලි කර තිබුණේ තමා බාල වයස් කාරියකව සිටියදී අදාල නියෝජ්‍ය පොලිස්පති වරයා තමන්ව කාලයක් පුරා අප...
කාන්තා හා ළමා කාර්යාංශය වෙත තරුණියක් පැමිණිලි කර තිබුණේ තමා බාල වයස් කාරියකව සිටියදී අදාල නියෝජ්‍ය පොලිස්පති වරයා තමන්ව කාලයක් පුරා අපයෝජනයට ලක් කළ බවත් එය පවුලේ අයට හෙළි වූ පසු තමන්ට නිවසක් ලබා දී එම සිදුවීම සමථයකට පත් කර ගත් බවත් ය. කෙසේ වෙතත් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු නොකරන ලෙස ඉහළ පොලිස් නිලධාරියකු සහ දේශපාලනඥයින් කිහිප දෙනෙකු කාන්තා හා ළමා කාර්යාංශයට බලපෑම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම මේ චූදිත විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති වරයා ඊයේ (11) පැවති ජාත්‍යන්තර පොලිස් සංගම් දිනයට ද විලි ලැජ්ජාවක් නොමැතිව ම ටයි පටියක් ද පැළඳගෙන පැමිණ සිටි ආකාරයට දක්නට ලැබිණි. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අපට විමසීමට ඇත්තේ ඔබ ජාත්‍යන්තර පොලිස් සංගම් දිනය සැමරීමට එක් කරගන්නේ මෙවන් ළමා අපචාර චෝදනා ලත් නිලධාරීන්දැයි කියාය.
සබැඳි පුවත් -
COMMENTS