දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට.
Homeප්‍රවෘත්ති

ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට.

PropellerAds

2017 අගෝස්තු 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට ලක්‍ෂ්මන් සිල්වා මහතාව පත් කර ඇති බව, එම බැංකුව ප...

අමෙරිකා ජනාධිපතිට වු අකරතැබ්බිය (video)
තෙල් මිල අඩු වේ
ශ්‍රීලංකා ක්‍රිකට් තරඟ පාවාදුන් ලැයිස්තුව මෙන්න..!

2017 අගෝස්තු 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට ලක්‍ෂ්මන් සිල්වා මහතාව පත් කර ඇති බව, එම බැංකුව ප‍්‍රකාශයට පත් කර සිටි.

සිය පුළුල් වෘත්තීයමය පසුබිම හා මුල්‍ය සේවා හා බැංකු කර්මාන්තය තුළ ඇති විශේෂඥතාව සමගින්, නුතන යුගයේ නව්‍යකරනය, ඩිජිටල්කරණය හා වර්ධනය සම`ගින් රටේ පුමුඛතම හා ගෞරවනීය වාණිජ බැංකුවක් කරා ඒ මහතා DFCC බැංකුව රැගෙන යනු ඇති බව, සහතිකය. මුල්‍ය අංශයේ වසර 30 කට වඩා වැඩි අත්දැකීම් සහිත ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය හිමිකරගෙන තිබේ. එසේම ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය (විශේෂ) උපාධීධාරියෙකි.

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවට බැඳී තම වෘත්තීයමය දිවිය ඇරඹු ලක්‍ෂ්මන් සිල්වා මහතා අනතුරුව මුල්‍ය සේවා කෂේත‍්‍රය හා සම්බන්ධ වෙමින් 1987 වසරේ දී DFCC සමුහය හා එක්විය. DFCC බැංකුව තම ගණදෙනුකාරභවතුන් වෙත පිරිනමන පුළුල් පරාසයක් පුරා පැතිරුණු නිෂ්පාදන හා සේවාවන්, ප‍්‍රවර්ධනය කරලිමේදි සහ ඒවා ශක්තිමත් කිරිමේදි ඔහු කැපීපෙනෙන කාර්්‍යභාරයක් ඉටුකරන ලදි. මීට පෙර DFCC වර්ධන බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුර සහ පසුව 2010 වසරේදි එහි ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට තේරී පත්විය. එම තනතුරු හොබවමින්, 2015 වසරේ සැප්තැම්බර් මාසය තෙක් ඔහු ෘත්‍ක්‍ක්‍ වර්ධන බැංකුවේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

මේ අතර, DFCC බැංකුව සහ DFCC වර්ධන බැංකුව ඒකාබද්ධවීමෙන් අනතුරුව ලක්‍ෂ්මන් සිල්වා මහතාව ඒකාබද්ධ වු ෘත්‍ක්‍ක්‍ බැංකුවේ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්  කරන ලදි. සිය වාණිජ බැංකු ව්‍යාපාරය ඉදිරියට රැගෙන යන අතර තුර ආසියාවේ පුමුඛතම සංවර්ධන බැංකුවක් ලෙස දශක 6කට වඩා වැඩි කාලයක් තිස්සේ DFCC බැංකුව සතු  විශේෂඥතාව පෙරදැරිව ව්‍යාපෘතී මුල්‍ය සේවාවන් ප‍්‍රවර්ධනය හා දිරිමත් කිරිම අඛණ්ඩව සිදුකරලීම වෙනුවෙන් ක‍්‍රමෝපායීක කළමනාකරනය හා නායකත්වය සැපයීමේ වගකීම නව තනතුරත් සමගින් ඔහු වෙත පැවරී තිබේ.

තම නව භුමීකාව පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි ලක්‍ෂ්මන් සිල්වා මහතා මෙසේ පවසයි. ’‘ප‍්‍රධාන විධායක නිලධාරි ධුරය සමගින් DFCC බැංකුව සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කිරිමට ලැබීම ගෞරවයක් විදියට මම සළකනවා. ගණුදෙනුකරුවන්ගේ හා ව්‍යාපාරයන් හි වෙනස් වන අවශ්‍යතා කෙරෙහි සැළකිලිමත් වෙමින් ඒවාට මුහුණ දීම සඳහා සාර්ථකව අනුගත වෙමින් DFCC බැංකුව මේ වන විට අංග සම්පුර්ණ ක‍්‍රීයාශිලි වාණිජ බැංකුවක් බවට පත්ව තියෙනවා. හොඳම පාරිභෝගීක සේවාවන් පිරිනමමින් සියළු තරාතිරම් හි ශ‍්‍රී ලාංකිකයන් වෙත විශේෂයෙන්ම සැකසු මුල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් DFCC බැංකුව තවදුරටත් අවධානය යොමු කර තියෙනවා.

බැංකුව මෑත කාලයේදී පෙන්වන ලද වර්තමාන මුල්‍ය වර්ධනය තුල ගමන් කරමින් අපගේ වටිනා ගණුදෙනුකරුවන්ට හා කොටස් හිමියන්ට අමතර වටිනාකමක් ලැබෙන ආකාරයෙන් බැංකුවේ දිගුකාලින ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කරලමින් එය පෙරට රැගෙන යෑමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් අපගේ ව්‍යාපාර මෙහෙයුම්වලදි යෝධ පිම්මක් පැනීම වෙනුවෙන් DFCC බැංකුව මනාව සැදි සිටිනවා. එම භාරදුර සමයේදී බැංකුවේ මුලසුන දරමින් සේවය කිරිමට හැකිවිම සම්බන්ධයෙන් මම අතිශයින්ම සතුටට පත් වෙනවා’’ ලක්‍ෂ්මන් සිල්වා සඳහන් කරයි.

ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ලංකාවේ වෘත්තියමය බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු ලෙස ද සේවය කර තිබේ. ඊට Synapsys  Limited" Acuity Securities Limited, Acuity Partners (Pvt) Limited" DFCC Consulting (Pvt) Limited, Lanka ventures PLC, LVL Energy Fund Limited, Lanka Financial Services Bureau Limited, Lanka Industrial Estates Limited yd Sri Lanka Banks Association (Guarantee) Limited ආදී සමාගම් රැසක අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔහු කටයුතු කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට.
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට.
http://ift.tt/2uNDxKJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/dfcc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/dfcc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy