ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ...
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
තමාව ජනාධිපති ධුරයට පත් කිරීමට විශාල කාර්ය භාරයක් ඉටුකළ විජේදාස රාජපක්ෂ මහතා වැන්නකු තනතුරෙන් පහ කිරීමට වඩා ඔහුට ඉල්ලා අස්වීමට ඉඩ තැබීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
එජාප මන්ත්‍රීවරයකු වන විජේදාස රාජපක්ෂ මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර තිබිණ.
කෙසේවුවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයෙහි ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියේ තමා ඇමති ධුරයෙන් ඉවත් නොවන බවයි.
විජේදාස රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුතා ජනාධිපති යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියකු ලෙස කටයුතු කරයි.
ජනපති විජේදාසව ඒ පැත්තට ගත්තොත් ශ්‍රීලනිපයට දෙයියන්ගේම පිහිටයි - කබීර් හෂීම්
විජේදාස රාජපක්‍ෂ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා කි‍්‍රයාමාර්ග දෙස බලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් පවසනවා.
කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියාසිටියා.
විජේදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනාවක් ලැබුණොත් යනුවෙන් එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය කබීර් හෂිම් සඳහන් කළේ "එහෙනම් ඒගොල්ලොන්ට දෙයියන්ගෙම පිහිටයි" යනුවෙනි.
ජනාධිපතිවරයා විසින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාව ඉවත් නොකළහොත් යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් සඳහන් කළේ "ඒ තීරණය අපි ඒ වෙලාවට ගන්නම්" යනුවෙනි.
එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් වෙත යොමු වූ තවත් ප්‍රශ්නයක් වූයේ යම් ගැටලුවක් ඇතිවූවහොත් තනි ආණ්ඩුවක් හදන්නේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "දැන් ඉතින් තනි ආණ්ඩුවක් වගේනේ..UNPය නේ ආණ්ඩුව කරන්නේ කියන්නේ..". යනුවෙනි.
අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ දරණ සියලු කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයාට අද දැනුම් දුන්නා.
ඒ, පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම්ගේ අත්සනින් යුතුව යොමු කෙරුණු ලිපියකින්. විජේදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්ද අද උදෑසන පැවති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
COMMENTS