ආදිවාසීන්ගේ භාෂාව සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට රජයට වගකීමක් ඇති බවත් ඒ සඳහා ජාතික භාෂා අමාත්‍යංශයට එම වගකීම බාරදිය යුතු බවත් වන්නිලැත්තන් ...
ආදිවාසීන්ගේ භාෂාව සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට රජයට වගකීමක් ඇති බවත් ඒ සඳහා ජාතික භාෂා අමාත්‍යංශයට එම වගකීම බාරදිය යුතු බවත් වන්නිලැත්තන් ප්‍රකාශ කර ඇත.
ආදිවාසී නායකයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ජාතික සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසන්නේ ආදිවාසීන්ගේ අවශ්‍යතා සොයා බැලීමට සිය අමාත්‍යංශය බැඳී සිටින බවයි. ආදිවාසීන්ගේ භාෂාව සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
මේ යටතේ ජනවාර්ගික සභාව නම් ආයතනයක් පිහිටුවීමට නියමිත අතර ආදිවාසී නායකයාට එම සභාවේ ප්‍රධාන තනතුර ලබාදීමට කටයුතු කරන බව ද ඇමතිවරයා ප්‍රකාශ කර සිටී.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS