වාහන වෙනස් කිරීම එසේත් නැතහොත් ‘මොඩිෆයි කිරීමේ‘ නීතිය අභියෝගයට ලක් කරමින් මීගමුව මහේස්ත්‍රාත් උසාවිය නඩු තීන්දුවක් ලබා දී තිබේ. ‘‘අමතර කොට...
වාහන වෙනස් කිරීම එසේත් නැතහොත් ‘මොඩිෆයි කිරීමේ‘ නීතිය අභියෝගයට ලක් කරමින් මීගමුව මහේස්ත්‍රාත් උසාවිය නඩු තීන්දුවක් ලබා දී තිබේ. ‘‘අමතර කොටස් සවිකර ධාවනය කිරීම‘‘ යන චෝදනාව යටතේ සමීර ජාවිගොඩ නම් අයෙකුට නඩු පැවරීමට සීදූව පොලීසිය මගින් පසුගිය වසරේ කටයුතු කර තිබිණි.
වසරක් මුළුල්ලේ විභාගයට ලක්වූ අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්ති පාර්ශවය ‘නිදොස් කොට නිදහස් කිරීමට‘ මීගමුව මහේස්ත්‍රාත්වරිය ඊයේ (25) නියෝග කොට තිබේ. විත්තිකරු ඔහුගේ ටොයොටා ALLION වර්ගයේ මොටර් රථයේ විදුලි පහන් සඳහා LED මගින් සැකසුණු පද්ධතියක්(PROJECTOR SCOOP HEADLAMP ) සවිකර තිබුණි.
සිද්ධිය වූ අවස්ථාවේ ඔවුන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා තිබූ අතර, ඔවුන්ද සඳහන් කර ඇත්තේ මෙය නීති විරෝධී කටයුත්තක් නොවන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලීසිය කටයුතු කොට තිබිණි. වාහන වෙනස් කිරීම එසේ නැතහොත් ‘මොඩිෆයි කිරීම‘ ලොවම පිළිගන්නා කලාවක් වුවද මෙරට නීතිය අනුව වාහනයක මුල් ආකෘතිය වෙනස් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් යැයි සැළකිණි.
නමුත් වාහන වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වුවද වාහන වෙනස් කිරීමේ ලියාපදිංචි ව්‍යාපාර ලංකාවේ ඕනෑ තරම් දැකගන්නට ඇත. පොලීසිය මෙම ගැටලුවේදී තමන්ගේ මඩිය තර කර ගැනීමේ ප්‍රතිපත්තියක සිටින බවත්, පොලීසියට අවැසි ලෙස රටේ නීතිය අර්ථකථනය වන බවත්, ඔවුන් අවශ්‍ය පරිදි නීතිය වෙනස් කොට කටයුතු කරන බවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.

COMMENTS