දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් හෙටක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි" - රවී
Homeප්‍රවෘත්ති

"සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් හෙටක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි" - රවී

PropellerAds

"චීනය සමඟ අප රටේ සංස්කෘතික සබඳතා සියවස් හතරකට වඩා පැරණියි. නමුත් ශ්‍රී ලංකාව සහ චීනයේ කාර්යභාරය වර්තමානයේ වෙළඳාමට පමණක් සීමාවෙලා. ශ්‍...

රටම ලෑස්ති වෙන්න: මෙන්න පත්තු වෙන්න යන ජිනීවා බෝම්බය
පිළිකාකාර ආහාර ආනයනය පසුපස දේශපාලඥයන්..?
දේවානි සමග ඇමති තොගයක් එලිපිට ගැටේ.. අපරාධකරුවෙකුට අවසර දෙන්න බෑ..-දේවානි :: අපිත් ඔක්සිජන් දන්නවා..- ප‍්‍රසන්න
"චීනය සමඟ අප රටේ සංස්කෘතික සබඳතා සියවස් හතරකට වඩා පැරණියි. නමුත් ශ්‍රී ලංකාව සහ චීනයේ කාර්යභාරය වර්තමානයේ වෙළඳාමට පමණක් සීමාවෙලා. ශ්‍රී ලංකාවේ භූ දර්ශනය සහ භූගෝලීය වෙනස, විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම සදහා විශාල පිටිවහලක්. චීනය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම සහ ආයෝඡනය ප්‍රවර්ධනය කිරීමේ දී වාණිජ මණ්ඩලය විසින් වසර දාහතරක් පුරා  ඉටු කරනු ලබන කාර්යභාරය, ප්‍රශංසා කළ යුතුයි. ශ්‍රී ලංකා චීන වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සෘජු මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය, ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ, ශ්‍රී ලාංකික ප්‍රජාවගේ චීන භාෂා ප්‍රවීණතාව වර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදහස් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය තුළින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් හෙටක් නිර්මාණය කිරීමයි අපගේ අරමුණ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී තරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පලකළේ, පසුගියදා, කොළඹ 07, කිංස්බරි හෝටලයේ පැවති ශ්‍රී ලංකා - චීන ද්වීපාර්ශික සබදතා තහවුරු කරමින් ශ්‍රී ලාංකික රැකියා විරහිත උපාධිධාරීන්, රාජ්‍ය සේවකයින්, පුද්ගලික සේවා නියුක්තිකයන්, සංචාරක උපදේශකයන්ගේ චීන භාෂා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණෙන්, රාජ්‍ය වෘත්තිකයන්ගේ මාර්ගෝපදේශන ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන, රැකියා නියුක්ති කුසලතා සහ තරුණ අභිවෘද්ධි වැඩසටහනේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
 
"පසුගිය වසර දහය තුළ ශ්‍රී ලංකාවේ චීන ආයෝජනය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර එය කලාපයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා. චීන සෘජු විදේශීය ආයෝජන බොහෝ දුරට යොමු වූයේ ප්‍රවාහන, විදුලිබල, බලශක්ති ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහායි. වඩාත්ම වැදගත් වන්නේ ඉන්දියන් සාගර කලාපයේ මූල්‍ය හා මෙහෙයුම් කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරීමයි. ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනයට අදාළව චීන සම්භවයක් ඇති නොරොච්චෝල බලාගාර ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් චීන අයෝජනයක්. ඒ තුළින් සමස්ත ශ්‍රී ලංකාව සඳහා විදුලිය ලබාදීමේ කර්තව්‍යයට විශාල රුකුලක් ලැබීම අප ලද ජයග්‍රහණයක්. විශාල වශයෙන් ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා චීන ව්‍යාපෘති වලට අනුග්‍රහය දැක්වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. කෙසේවෙතත්, මගේ අවධානය විශේෂ වශයෙන් යොමු වන්නේ, හිරු එළිය සහ සුළං බලය ආදි පුනර්ජනනීය ප්‍රභවයන් පිළිබදවයි. චීන ජනරජයට මේ සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව මම විශ්වාස කරනවා. ඔබගේ අභිමතය පරිදි, ඔබගේ වාණිජමය අභිමතාර්ථය ඉටු කර ගැනීමත්, චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය තහවුරු කිරීම සදහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි ආයෝජනයන් සදහා ඔබ සම්බන්ධ කරගැනීමට මම බලාපොරොත්තු වෙනවා."

"චීන භාෂාව කතා කරන බලකායක් ශ්‍රී ලංකාව තුල ජනිත කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් තුළින් අපගේ පවත්නා සහ අපේක්ෂිත ව්‍යාපෘති දියත් කිරීම වඩාත් පහසු වෙනවා මෙන්ම  දෙරට  අතර ආයෝජනයන් විශාල වශයෙන් ව්‍යාප්ත කල හැකියි. චීන භාෂා පරිවර්ථකවරුන්, ඉංග්‍රීසි චීන ගුරුවරු ලෙස රැකියා ලබා දීම සඳහා  උපාධිධාරීන් පුහුණු කිරීමේ සැලසුමක් මෙන්ම  චීන සමාගම් හා සංවිධාන සමඟ සේවයේ යෙදවීමට ශ්‍රී ලාංකික තරුණ පිරිස් පුහුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්තයයි. එමගින් මෙරට ආර්ථිකයේ යහපත සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරන අතර විදේශ රැකියා අවස්ථා ද විවර වෙන බව මාගේ විශ්වාසයයි" යැයි පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් හෙටක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි" - රවී
"සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් හෙටක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි" - රවී
http://am.lk/media/k2/items/cache/3371d919593b11b54ce86f1a9b9f93b8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_885.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_885.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy