දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව තම අපකීර්තිය වසා ගැනීමට අසාර්ථක උත්සහයක නිරත වෙනවා
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව තම අපකීර්තිය වසා ගැනීමට අසාර්ථක උත්සහයක නිරත වෙනවා

PropellerAds

සිය පවුලේ කිසිම පුද්ගලයෙකුට ලැබුණේ කෙසේදැයි ප්‍රකාශ කළ නොහැකි නිශ්චල හා චංචල දේපල නොමැති බවත් එවැනි දේපල ඇත්තේ මෙම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ...

සා.පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්
ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක්
වනජීවි අමාත්‍යංශ ලේකම්වරයාට හදිසි ස්ථාන මාරුවක්

සිය පවුලේ කිසිම පුද්ගලයෙකුට ලැබුණේ කෙසේදැයි ප්‍රකාශ කළ නොහැකි නිශ්චල හා චංචල දේපල නොමැති බවත් එවැනි දේපල ඇත්තේ මෙම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

'ආණ්ඩුවේ දූෂණ හෙළිවීමෙන් ඇති වූ අපකීර්තිය වසා ගැනීමට දරණ අසාර්ථක උත්සාහය' යනුවෙන් අද (17) දිනයේ නිකුත් කරනු ලැබු මාධ්‍ය නිවේදනයක් මගින් ඒ මහතා පෙන්වා දෙන්නේ, මීට පෙර පැවති කිසිඳු ආණ්ඩුවක් මේ යමපාලන ආණ්ඩුව මෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ ආකාරයට හිරිහැර කර නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය,

2017 අගෝස්තු 17

මාධ්‍ය නිවේදනය

ආණ්ඩුවේ දූෂණ හෙළිවීමෙන් ඇති වූ අපකීර්තිය වසා ගැනීමට දරණ අසාර්ථක උත්සාහය

මේ සතිය තුළ මාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු එනම්, මගේ බිරිඳ ශිරන්ති රාජපක්‍ෂත්, මගේ බාල පුතුන් වන යෝෂිත හා රෝහිතත්, සීඅයිඩීය හා මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැඳවා ප්‍රශ්ණ කරනු ලැබීය. මගේ බිරිඳ ගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්ණය වූයේ 2011 දී රතුකුරුස සංවිධානය විසින් ඇයගේ සිරිලිය සවිය සමාජ සේවා සංවිධානයට ලබාදුන් ජීප් රථයක පාට වෙනස් කරනු ලැබුවේ මන්ද යන්නයි. මේ ජීප් රථය භාවිතා කොට තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ වලටය. මගේ බිරිඳ සීඅයිඩීයට දැනුම් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය පරිහරණය කරන වාහන වල නඩත්තුව හෝ අලුත් වැඩියා කටයුතු  ගැන ඇය කිසිවක් නොදන්නා බවයි. මේ කාරණය ගැන මගේ පුත් යෝෂිතගෙන්ද පසුගිය බදාඳා සීඅයිඩීය ප්‍රකාශයක් ලබා ගත්තේය. ඔහුගෙන් අසා තිබුණේ ඔහු මේ වාහනයේ පාට වෙනස් කිරීමට කාහට හෝ උපදෙස් දුන්නාද යන්නයි. මෙයට යෝෂිත දුන් පිළිතුර වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන නඩත්තු කරන්නේත් අලුත්වැඩියා කරන්නේත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශය බවයි. මෙකී වාහනය ඔහුගේ ආරක්‍ෂක භටයන් විසින් පාවිච්චි කලේද යන පැනයට ඔහු දී තිබූ පිළිතුර වූයේ තම ආරක්‍ෂකයන්ට වාහන ලබා දෙන්නේ ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් මිස තමා නොවන බවයි.

පසුගිය අඟහරුවාදා මුල් වරට මගේ බාලම පුත් රෝහිත ද මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රශ්ණ කරන ලදී. ඔහුගෙන් අසා තිබුණු ප්‍රශ්ණය වූයේ ලංකාවේ මුල් වරට සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යැවූ ‘සුප්‍රීම් සැට්’ නැමති සමාගමේ ඔහුට කොටස් හිමිකාරිත්වයක් තිබෙනවාද යන්නයි. රෝහිත ඔවුන්ට පවසා තිබුණේ ඔහුට සුප්‍රීම් සැට් සමාගමේ ඍජු හෝ වක්‍ර කොටස් අයිතියක් නැති බවත්, ඔහු 2012 ජුලි මාසයේ සිට 2014 ජුලි මාසය දක්වා එකී සමාගමේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂක හැටියට වැටුප් ලබන සේවකයෙකු වූ බවය. 2014 ජුලි මාසයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු එම රැකියාවෙන් ඉවත් විය. මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇසූ තවත් පැනයක් වූයේ සුප්‍රීම් සැට් සමාගමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට ඔහු උදව් කලේද යන්නයි. රෝහිත ඔවුන්ට පවසා සිටියේ ඔහු 2012 මේ සමාගමට බැඳෙන අවස්ථාව වන විට ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර සියල්ල ලබාගෙන තිබුණු බවත්, ඔහුට සුප්‍රීම් සැට් සමාගම හඳුන්වා දුන්නේ තරුණ උපාධිධාරීන් තම සමාගමට බඳවා ගැනීම සඳහා එංගලන්තයේ සවුත්හැම්ටන් විශ්වවිද්‍යාලයට පැමිණි චීන ව්‍යාපාරිකයෙකු විසින් බවයි.

බ්‍රිතාන්‍යයේ අභ්‍යවකාශ ඉංජිනේරු පාඨමාලාවක් පවත්වාගෙන යන එකම විශ්ව විදයාලය සවුත්හැම්ටන් විශ්ව විද්‍යාලයයි. 2012 දී මේ පාඨමාලාව සම්පූර්ණ කළ උපාධිධාරීන් හත්දෙනෙකු වූ අතර මගේ පුත් රෝහිතද ඒ අතර විය. 2012 දී සුප්‍රීම් සැට් ආයතනයද හවුල්ව අභ්‍යවකාශ ගත කරනු ලැබූ චන්ද්‍රිකාව අයත් වන්නේ චීන ආණ්ඩුවටයි. මේ චන්ද්‍රිකාවේ ඇති ට්‍රාන්ස්පොන්ඩර් සන්නිවේද පද්ධති 36 න් 6 ක් සුප්‍රීම් සැට් ආයතනය විසින් අවුරුදු 12 කට බදු පදනම මත අරගෙන ඇත. ලංකාවේ ගැනුම් කරුවන්ට සන්නිවේදන සේවා ලබාදීම මේ සමාගමේ අරමුණයි.මෙම සමාගමේ ප්‍රධාන ආයෝජකයා සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බව මට දැනගන්නට ලැබී ඇත.

මේ සතියේ ජනතාව දුටුවේ මමත් මගේ පවුලටත් සමස්ත විපක්‍ෂයටත් එරෙහිව යමපාලකයන් ගෙන යන ප්‍රචාරක සංග්‍රාමයේ තවත් අදියරකි. මගේ පවුලේ සාමාජිකයන්ට නොයෙක් පොලිස් විමර්ශන ඒකක ඉදිරියේ පෙනී සිටීමට ලිපි නිකුත් කෙරේ. ඉන්පසු මොවුන් මෙසේ ගෙන්වන්නේ තාජුදීන්ගේ මරණය ගැන විමර්ශනය කිරීමට යැයි පොලීසිය විසින් මාධ්‍යයට ඉඟිකරයි. යමපාලන ආණ්ඩුවට වැදගත් වන්නේ පොලීසිය ලබා ගන්නා කට උත්තර වල අන්තර්ගතය නොව තාජුදීන් සම්බන්ධයෙන් මගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්ණ කිරීමට යන බවට පලවන මාධ්‍ය වාර්තාය. මගේ බාලම පුත් රෝහිත මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැඳවූ විට යමපාලනයට පක්‍ෂපාත වෙබ් අඩවි පවසා සිටියේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට මගේ ආණ්ඩුව රුපියල් මිලියන සිය ගණනක් වියදම් කර තිබුණු බවයි. නමුත් සුප්‍රීම් සැට් නැමති මේ චන්ද්‍රිකා තාක්‍ෂණ ආයතනය සමඟ ශ්‍රී ලංකා ආණ්ඩුවට කිසිදු සම්බන්ධයක් නැත. සීඅයිඩීයත් මූල්‍ය අපරාධ කොට්ඨාශයත් ආණ්ඩුව සමඟ මේ මාධ්‍ය මෙහෙයුමේ සිටී. පසුගිය බදාඳා යෝෂිත සීඅයිඩීයට කට උත්තරය දී විනාඩි ගානකට පසු ඔහුගෙන් ඇසුවායැයි කියන ප්‍රශ්ණ පිළිබඳ වාර්තාවක් යමපාලන වෙබ් අඩවියක පලවිය.

යමපාලන ආණ්ඩුවේ මහාපරිමාන වංචා හා දූෂණ ඉතාමත්ම අනපේක්‍ෂිත හා විචිත්‍රවත් ලෙස හෙළිවෙද්දී මගේ පවුලේ සාමාජිකයන් සීඅයිඩීයට හා මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගෙන්වා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිලිය. රාජපක්‍ෂවරුන්ට අඳාල නඩු ඇසීමට විශේෂ උසාවි පිහිටුවන බවට මොවුන් දැන් කරන ප්‍රකාශ වලින් ඔවුන් කලබල වී තිබෙන තරම මනාවට පැහැදිලි වෙයි. මේ යෝජනාව ව්‍යවස්ථාවේ, නීතිය ඉදිරියේ සැමට සමානව සැලකීමේ මූලධර්මයටත්, නිර්දෝශීබවේ පූර්වනිගමනය යන මූලධර්මයටත් පටහැනිය. මෙවැනි විශේෂ උසාවියක් පිහිටවූවත් මේ උසාවියට ඉදිරිපත් කරන සාක්‍ෂි මොනවාද? යමපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මගේ පවුලේ සාමාජිකයන්ට අයත් කෝටි 500 කට අධික වටිනාකමක් ඇති දේපොල උසාවි හෝ ආණ්ඩුව විසින් රාජසන්තක කර ඇති බව ආණ්ඩුව පවසා ඇත. මෙය අමූලික බොරුවකි.

මගේ පවුලේ සාමාජිකයෙක්ට අයත් කිසිදු දේපලක් රජය විසින් හෝ උසාවියක් විසින් රාජසන්තක කොට නැත. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ වෙනත් පුද්ගලයන්ට අයිති දේපල අපට අයිති දේපල හැටියට හුවා දැක්වීමටය. මේ ක්‍රියාදාමයේ දී ඔවුන් ඇතැම් පුද්ගලයන්ට බරපතල පිඩා පමුණුවා ඇත. මගේ පවුලේ කිසිඳු සාමාජිකයෙකු සතුව, ලැබුණේ කෙසේදැයි විස්තර කල නොහැකි චන්චල හෝ විශ්චල දේපල කිසිවක් කවුරුත් සොයාගෙන නැත. එවැනි දේපල ඇත්තේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට බව මුලු රටම දනී. මීට පෙර පැවති කිසිඳු ආණ්ඩුවක් මේ යමපාලන ආණ්ඩුව මෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ ආකාරයට හිරිහැර කර නැත.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

 

 

 

 

 

 

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව තම අපකීර්තිය වසා ගැනීමට අසාර්ථක උත්සහයක නිරත වෙනවා
ආණ්ඩුව තම අපකීර්තිය වසා ගැනීමට අසාර්ථක උත්සහයක නිරත වෙනවා
http://ift.tt/2v3XJaH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_921.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_921.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy