දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…මං පවු.. – කුඩු සමග අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් ගැන නිවේදනයක්..
Homeගොසිප්

බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…මං පවු.. – කුඩු සමග අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් ගැන නිවේදනයක්..

PropellerAds

ඇමති මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධීකරණ නිලධාරියා වන සමීර මනහර මත්ද‍්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයාගේ මාධ්‍ය ලේක...

මදුෂ් සමග එකට වැඩ කර ඩුබායිහිදී පාවාදුන් මොරිල් දැන් එංගලන්තයේ
බිරිඳ පුදුම කරන්න විහිළුවට ගෙළ වැලලාගත් තරුණයා මරුට
ලබන බදාදා (13) ගුරු-විදුහල්පතිවරු වර්ජනයක්
ඇමති මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධීකරණ නිලධාරියා වන සමීර මනහර මත්ද‍්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්‍ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

“අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් මත්රව්‍ය තොගයක් සමඟ අත් අඩංගුවට ගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම පදනම් විරහිතය. මංගල සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පෙරේදා (05) රාත‍්‍රී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට බාර දීමේ සිද්ධිය පාදක කර ගනිමින් අමාත්‍යවරයාට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය විසින් මඩ මෙහෙයුමක් ආරම්භකර ඇති බැවින් සිද්ධියට අදාළ කරුණු කෙටියෙන් පැහැදිලි කරමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර මහතා පෙරේදා රාත‍්‍රී ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ රාත‍්‍රී සාදයක් සඳහා යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් රාත‍්‍රී 8.45 ට පමණ ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ. එසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, එහි සිටි අයකු සතු එම ජීප් රථය පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී එහි තිබී මත්ද‍්‍රව්‍ය හසුවීම හේතුවෙනි. එම ජීප් රථය එහි සිටි අයකු සතු වුවකි.

රථයේ සිටි අයකු එය තමන්ගේ බව පිළිගෙන ඇති අතර අනතුරුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාල සැකකරුගේ නිවසට ගොස් මත්පැන් බෝතල් 16ක් ද සිගරට් කාටුන් තුනක් ද ප‍්‍රදර්ශන කඩුවක් හා නිවසේ භාවිතයට යොදාගත් මන්නයක් ද අත්අඩංගුවට ගෙන මෙම පිරිස ඊයේ (06) උදැසන ගල්කිස්ස පොලිසියට බාරදී ඇත. අත්අඩංගුවට ගෙන සිටි සිව්දෙනාම ඊයේ පස්වරුවේ දී ගල්කිස්ස වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල ගල්කිස්ස පොලිසිය, මත්ද‍්‍රව්‍ය ළඟ තබාගත් පළමු සැකකරු හැර අනෙක් තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී නැති බවත්, එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු සැකකරු ගමන්ගත් රථයේ සිටි නිසා බවත් බී වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.

මහේස්ත‍්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසියේ පොලිස් පරීක්ෂකවරයාල පළමු සැකකරු හැර අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා එරෙහිව මත්ද‍්‍රව්‍ය ළඟ තබා ගැනීමේ හෝ මත්ද‍්‍රව්‍ය ජාවාරම් කල බවට චෝදනා ඉදිරිපත් නොකරන බවත්, ඔවුන් තිදෙනාට ඇප ලබාදීමට විරෝධතාවයක් නැති බවත් දන්වා සිටියේය. එම කරුණු සලකා බලමින් පළමු සැකකරු රිමාන්ඩ් භාරයට පත්කල මහේස්ත‍්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන සිටි සමීර මනහර මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හරිනු ලැබිය.

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරියට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය හරහා වාර්තා කර ඇති කරුණු පදනම් විරහිත බව සනාථවේ.”

අසිත රාජපක්‍ෂ
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…මං පවු.. – කුඩු සමග අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් ගැන නිවේදනයක්..
බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…මං පවු.. – කුඩු සමග අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් ගැන නිවේදනයක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC_-ROr74z6joZ1BZA98qJ5mi-PCYr16V4Ez1blKQwZVvAd20_aTRPA7mEh8Hiyhd4-XYzwcphrVIIGDUOr8k5UAbKF0vIlnts3eunuoFjZDPkOTdTXahRL7OAyGDwQet98XGDY5ZoEQY/s320/sameera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC_-ROr74z6joZ1BZA98qJ5mi-PCYr16V4Ez1blKQwZVvAd20_aTRPA7mEh8Hiyhd4-XYzwcphrVIIGDUOr8k5UAbKF0vIlnts3eunuoFjZDPkOTdTXahRL7OAyGDwQet98XGDY5ZoEQY/s72-c/sameera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_898.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_898.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy