දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් පාලන ඡන්දය ජනවාරියේ - පළාත් සභාත් ළඟ ළඟ එන ලකුණු
Homeප්‍රවෘත්ති

පළාත් පාලන ඡන්දය ජනවාරියේ - පළාත් සභාත් ළඟ ළඟ එන ලකුණු

PropellerAds

  නියමිත කාලය තුළ ඡන්ද විමසීම් නොපැවැත්වුණු පළාත් පාලන ආයතනවල මැතිවරණය දැනටමත් වසර දෙකකට වඩා ප්‍රමාද වී තිබේ. ජන්ද පැවැත්වීම පිළිබඳ ගැටල...

UNP ඇමැතිවරු 20කගේ ෆයිල් ජනපති කොමිසමට
රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් හඳුනා ගැනේ
ආබාධිත රණවිරුන්ට ජීවිතාන්තය දක්වා වැටුප්
පළාත් පාලන ඡන්දය ජනවාරියේ - පළාත් සභාත් ළඟ ළඟ එන ලකුණු

 

නියමිත කාලය තුළ ඡන්ද විමසීම් නොපැවැත්වුණු පළාත් පාලන ආයතනවල මැතිවරණය දැනටමත් වසර දෙකකට වඩා ප්‍රමාද වී තිබේ. ජන්ද පැවැත්වීම පිළිබඳ ගැටලුව ඇති වූයේ පවතින වත්මන් සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් බැහැර වී ඒ වෙනුවට විකල්ප නව ඡන්ද ක්‍රමයක් පළාත් පාලන මැතිවරණය සඳහා ආදේශ කිරීමට යෝජනා වූ බැවිනි. ඒ අනුව පළාත් පාලන ආයතනවල නව සීමා නීර්ණය කටයුතු සිදු කළ යුතු බවට යෝජනා විය.

ඒ අනුව 2013 වසරේ ජයලත් රවී කමිටුව ස්ථාපිත කර කොට්ඨාස සීමා නීර්ණය කිරීම සිදු කරමින් සිටි අතරවාරයේ එය නිවැරදිව සිදු නොවන බවට මහජනතාවගෙන් සහ විවිධ පක්ෂවලින් පැමිණිලි ලැබීමෙන් අනතුරුව වත්මන් පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙහි තිබෙන පැමිණිලි විභාග කිරීම සඳහා අතුරු කමිටුවක් ස්ථාපිත කළ යුතු බවය. අනතුරුව නව අමාත්‍යවරයා 2015 නොවැම්බර් මාසයේ අග නව අසෝක පීරිස් කමිටුව පත් කරනු ලැබීය. අවසානයේ එම කමිටුව 2017 ජනවාරි එහි කටයුතු අවසන් කරන ලද බැවින් එහි ගැසට් නිවේදනය පෙබරවාරි 17 වනදා ප්‍රකාශයට පත්විය. මේ වන විට පනතේ තිබුණ සංශෝධන කෙටුම්පත ලෙස පාර්ලිමේන්තුවට යොමුකර ඇත.

මේ පිළිබඳ විමසීමේ දී මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේ තිබෙන අඩුපාඩු ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ පළාත් පාලන පනත සංශෝධන පනත සම්මත කර ගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇති බවයි. එසේම ඔහු වැඩිදුරටත් පැවසුවේ පළාත් සභාවලට අදාළ 20වන ව්‍යවස්ථා සංශෝධනය සිදු නොවුණහොත් නියමිත කාලයේ දී ධුර කාලය අවසන් පළාත් සභාවල ඡන්ද විමසීම පැවත්වීමට කටයුතු කරන බවයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට බලය ඇති පාර්ලිමේන්තුවට සහ එය අර්ථනිරූපණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු බැවින් ඒ දෙපිරිසම ජන්දය පැවැත්විය හැකි බව පැවසුවොත් ජන්දය එයට අවශ්‍ය පරිදි කිරීමට සිදුවන බව ද ඒ මහතා පැවසීය. පළාත් සභා තුනක එනම් උතුරුමැද, නැගෙනහිර, සහ සබරගමු පළාත් සභා කාලය මේ වසරේ ඔක්තෝම්බර් 02 වන දා වනවිට අවසන් වේ. පළාත් සභාවක පස් අවුරුදු කාලය ඉකුත් වූ විට එම පළාත් සභාව විසිර ගියාක් සේ සැලකෙයි. ඉන් අනතුරුව මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශ කළ යුතුය. නමුත් කොමිසම මැතිවරණ ප්‍රකාශ කිරීම වළක්වමින් එහි බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීමටත් පළාත් සභා විසිරීම වළක්වමින් එම සභාවල ධුර කාලය දීර්ඝ කිරීමටත් අදාළව ආණ්ඩුව කැබිනට් ආණ්ඩුව 20ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. ඉදිරිපත් කර ඇති මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් පළාත් ධුර කාලය අවසන් වීමේ දිනයෙහි යම් වෙනසක් සිදුවෙනු ඇත.

මේ හරහා ආණ්ඩුව සියලු පළාත් සභා සඳහා මැතිවරණය එකම දිනක දී පැවැත්වීමේ අරමුණ පවතින බව වාර්තා විය. ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන්නේ මෙම ජන්දය එකම දිනක දී පැවැත්වීමට කටයුතු කිරීම යනු ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන්නක් බවයි. ඔක්තෝම්බර් මුල ධුර කාලය අවසන්වන පළාත් සභා වන අනුරාධපුර සහ රත්නපුර යනු මහින්ද රාජපක්ෂට වැඩි ඡන්ද පදනමක් සහිත දිස්ත්‍රික්ක ලෙස සැලකේ. ඒ අනුව වත්මන් ආණ්ඩුව තමන් ඡන්දවලින් පරාද වේවි යයි පවතින බිය හේතුවෙන් මැතිවරණය 2019වනතුරු කල් දැමීමට කටයුතු කර මින් සිටින බවට චෝදනා එල්ල වේ.
සිතාරා කුලරත්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් පාලන ඡන්දය ජනවාරියේ - පළාත් සභාත් ළඟ ළඟ එන ලකුණු
පළාත් පාලන ඡන්දය ජනවාරියේ - පළාත් සභාත් ළඟ ළඟ එන ලකුණු
http://ift.tt/2uTXh3l
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_869.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_869.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy